
(යොහාන් භාසුර)
රජය විසින් පසුගිය 04 වැනිදා සිට සහල් ආනයනය සඳහා අවසරය ලබාදීමෙන් පසු රටතුලට සහල් ආනයනයආරම්භ වී ඇති බවත් ඒ අනුව, පසුගිය 10 වන දා සිට අද සවස 5.30 දක්වා ඉන්දියාවෙන් සහල් මෙට්‍රික්ටොන් 1900ක් කොළඹ වරායට ගොඩබා ඇති බවත් රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
එම සහල් තොග රේගුවෙන් නිශ්කාශනය කිරීමේ කටයුතු කඩිනම්ව සිදුවන අතර ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරන, මධ්‍යම භාන්ඩ පරීක්ශන, නිවාරන හා සටහන්කර යන අංශ එකතුව විශේෂ වැඩපිලිවෙලක් තුලින් ඉතා ඉක්මනින් සහල් තොග වෙලඳපොලට මුදා හැරීමට කටයුතු සූදානම් කර තිබෙන බවත් මේ සහල් තොගයට කැකුලු සහ තැම්බූ සහල් අඩංගු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහන්න බෑ මේක ඇනවුම් කලේ මාලිමාවෙන් නෙමෙයි
ඒ සඳහා අයවිය යුතු එක්කෝටි විසි හතර ලක්ෂයක් වගෙ බද්ද අය කරගත්තා ද ?