IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


ආධාර රැගත් තවත් යානයක් කටුනායකට

( ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලාංකික ජනතාව මුහුණ දී සිටින ආපදා තත්වයෙන් මුදවා ගැනීම සදහා අවශ්‍ය උපකරණ සහ පුහුණු භටයන් රැගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ගුවන් හමුදාව සතු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් , සිය සිව් වන ආපදා ආධාර රැගත් ගුවන් යානය ලෙස කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය .

මෙම ගුවන් යානය තුළ ගලවා ගැනීමේ මෙහෙයුම් සදහා විශේෂ පුහුණුව ලත් අබුඩාබි සිවිල් ආරක්ෂක බලකායේ භටයන් 53 දෙනෙකු , වැළළී ඇති මිනිස් ඉව සොයා මෙහෙයුම් සිදු කළ හැකි සුනඛයන් , ඔවුන් ප්‍රවාහනය කරන වායුසමනය කළ වාහන , ගලවා ගැනීමේ මෙහෙයුම් සදහා භාවිතා කෙරෙන වාහන රැසක් ද තිබුණි .

ඊයේ(02 ) රාත්‍රී 09.20 ට අබුඩාබි නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාව සතු සී.- 17 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන මේවා රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛාලිඩ් නසාර් අල් අමේරි , විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

 



අදහස් (0)

ආධාර රැගත් තවත් යානයක් කටුනායකට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 297 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 327 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1256 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site