
(අමදෝරු අමරජීව )
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයෙකුට ඡන්දය හා මනාපය සලකුණු කළ ආදර්ශ ඡන්ද පත්‍රිකා 125 ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියක ගමන් කර සිටි අයෙකු අද (14) අත්අඩංගුවට ගැනීමට මූතූර් පොලිසිය සමත් විය.
සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මූතූර් අල් - ෆලා විද්‍යාලය අසලදී සැකකරුගේ යතුරුපැදිය නවතා පරීක්ෂා කිරීමේදී මෙම ආදර්ශ ඡන්ද පත්‍රිකා තොගය හමුවූ බව පොලිසිය කියයි .
සැකකරු අසාත් නගර්, කිලිවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මූතූර් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd