
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව ජනතා ප්‍රශ්න විසඳනවා වෙනුවට කරන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කරමින් සිටීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
රනිල්ට දොස් පැවරීමෙන් රටේ උද්ගත වී තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු නොලැබෙන බවද අබේවර්ධන මහතා කීය.
ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ එජාප ක්‍රියාකාරී හමුවකට එක් වෙමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
මේ මස 25 සහ 26 දින දෙකේ ගාලු දිස්ත්‍රික්කයේ ආසන සියල්ලම ආවරණය වන පරිදි බලමණ්ඩල රැස්වීම් පවත්වන බව කී එජාප සභාපතිවරයා ඉදිරියට මොන වගේ කාලයක් උදා වේදැයි ජනතාව තමාගෙන් ප්‍රශ්න කරන්නේ යැයිද ඒ ගැන අමුතුවෙන් කිව යුතු නැති අතර රට යන දිශාව ගැන ජනතාවට හොඳින් පෙනෙන්නට තිබෙන බව පැවසීය. පාර්ලිමේන්තුවට අත්දැකීම් සහිත පිරිසක් යවන්නැයි රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා පුන පුනා කීවේ මේ හේතුව නිසා බවද වජිර අබේවර්ධන මහතා කීය.
COMMENTS
අනේ, කුක්කු පැටියා එන්න කියන්න නළවන්න...!
බැනලා වැඩක් නැහැ සියළු දඬුවම් දුන්නත් කමක් නැහැ.
මෙයාට නම් තියෙන්නේ හොයා ගන්න බැරි ලෙඩක්. කිව්වොත් කියන්නේ තකතීරු කථාවක්...!
අනුන්ට දොස් පැවරීම හැර වෙනත් දෙයක් නොදන්නා මාලිමාන්ඩුව වෙන් කරන්න...
මොලේ විකාර වෙලා දොඩවනවා. පින් ජනපතියගේ පළපුරුදු සහ අත්දැකීම් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
"ආණ්ඩුව නොවේ අලියා කොහේද? පොහොට්ටුවට මොකද්ද කලේ කියලා ඇහුවොත් බනින්නේ ආණ්ඩුවද කියලා දැනගන්න පුළුවන්."
මාලිමාව සමූපකාර ඡන්ද පරදින්නේ ඒක තමයි
පිදිය යුත්තන්ට පිදීම ලංකාවේ පුරාණයේ සිට පැවතෙන ලොව පිළිගත් චාරිත්‍රයක්...
ඔබලා කළේත් ඔය ටිකමනේ...!
ආණ්ඩුවේ මන්ත්‍රීලා සහ අනුගාමිකයින් මොනවා කිව්වත් වරදක් නැහැ. කියමුකෝ ඒත් සංඝයා වහන්සේ කෙනෙක් පසුගිය පසළොස්වක පොහොය දවසේ පෙහෙවස් සමාදන්වෙලා හිටපු උපාසක උපාසිකාවන්ට බණක් හැටියට කියලා තියෙන්නේත් රනිල්ගේ වැරැදි කියලා බැනීම පමණයිනේ... පසුගිය ජනාධිපතිවරණය වෙලාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධානම ජාතික පාසලක බණ වදාරන ගුරුතුමෙකු තමන්ගේ ගමේ දායකයින්ට මාලි..ට ඡන්දය නොදී පංසල පැත්තේ එන්න එපා කියලා තහනමකුත් දාලා තිබුණා කියලා ආරංචි වුණා..