IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ආණ්ඩුව අර්ථ සාධකේටත් ගහලා - හර්ෂ ද සිල්වා

මහ බැංකුව සහ මුදල් අමාත්‍යංශය එක්ව ඊයේ (7 වැනිදා) නිකුත් කරන ලද ගැසට්පත්‍රය මගින් පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් සතු සේවක අර්ථ සාධක අරමුදලින් විශාල බද්දක් අයකිරීමේ සූදානමක් ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියයි. සිය ෆේස් බුක් ගිණුමට වීඩියෝවක් එකතු කරමින් හර්ෂ ද සිල්වා මහතා එසේ ප්‍රකාශ කරයි. 


“රුපියල් බිලියන 2 කට වඩා ලාබ තියෙන සියලුම සමාගම් වලින් 25% ක බද්දක් අයකරන බව කියනවා. මේකේ හංගලා, ඇතුළේ, අර්ථකතනයේ තියෙන්නේ, ඊ.පී.එෆ්. එක - ඒ කියන්නේ අර්ථ සාධක අරමුදලටත් - මේ බද්ද වදිනවා කියලා”


“අර්ථ සාධක අරමුදල කියන්නේ ලංකාවේ තියෙන ලොකුම අරමුදල. ඒකේ ප්‍රමාණය රුපියල් ටි්‍රලියන 3 ක් - රුපියල් බිලියන 3000 ක් - විතර වෙනවා. 2020 වසර සඳහා ඒකේ ලාභය රුපියල් බිලියන 250 ක් විතර වෙනවා. ඒකෙන් 25% ක් කියන්නේ රුපියල් බිලියන හැට දෙකහමාරක් (62.5 ක්) විතර”


“ජීවිතේ පළවෙනි වතාවට, ආණ්ඩුවක්, අර්ථ සාධකේටත් ගහල තියෙනවා” යයි ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. 


මේ සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිට ට්විටර් ගිණුමේද විශේෂ සටහනක් තබා තිබේ. 


ආර්ථික න්‍යාය සම්බන්ධයෙන් ප්‍රාමාණික විද්වතෙකු වන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගිය රජයේ හිටපු රාජ්‍ය ඇමතිවරයකු ද වෙයි. ඒ මහතා වර්තමානයේදී රාජ්‍ය මුදල් කමිටුවේ මෙන්ම කෝප් කමිටුවේද සාමාජිකයෙකි. 

 

 

 



අදහස් (10)

ආණ්ඩුව අර්ථ සාධකේටත් ගහලා - හර්ෂ ද සිල්වා

SUNIL MILANO Tuesday, 08 February 2022 07:54 PM

ආර්ථික ඔස්තාර්... යහපාලනේ කාලේ කොහේද දන්නේ නැහැ හිටියේ? අනේද කියන්නේ..

:       1       0

chandima Tuesday, 08 February 2022 11:08 PM

එව්වා ඉතින් පොඩි පොඩි ගැහිලිනේ... මහ බැංකුවට ගහපු එක එක්කලා බලපුවාම...

:       0       0

Shan Wednesday, 09 February 2022 12:14 AM

හැමෝම එකතුවෙලා පොර ටෝක් දදා ඉන්නේ.එකෙක්වත් නෑ රට බේරා ගන්න උසාවියට යන්න වත් .එහෙම නැත්නම් ජනතා පෙළගැස්වීමක් වත් කරනන

:       1       2

Bamunuarachchi Wednesday, 09 February 2022 09:18 AM

රජය කරන්නේ අර්ථ සාධක මුදල ආයෝජනය කර උපයන මුදලින් බදු ගැනීමයි. ඒ මුදල යොදවන්නේ රටේ ප්‍රයෝජනයට... ඔහෙලා කලේ පෞද්ගලික කම්පැණියකට ලාබ උපයන්න අර්ථසාධක මුදල මංකොල්ල කෑමයි. ඔහෙලාගේ කාලේ සිද්ද වුණු බැංකු කොල්ලයේ එක කොටසක් ඒ මංකොල්ල කෑම... අපේ රටේ සිද්ද වුනේ, වෙන්නේ මොනවද කියා දන්නවා.

:       12       2

sharm warnWednesday, 09 February 2022 12:18 PM

මම හිතන්නේ මෙයාට අර්ථසාධකයක් නැහැ .මැදමුලනෙන් පඩි ගන්න කෙනෙක්ද කොහෙද .

:       1       8

සිරිබිරිස්Wednesday, 09 February 2022 01:27 PM

ගල් බමුණෝ උඹට ලැබෙන්න තියෙන වැටුපෙන් හෝ උඹේ ව්‍යාපාර හෝ වතුපිටි වලින් ලැබෙන්න තියෙන මුදලකින් සියයට විසිපහක් ආදායම් බද්දට අමතරව රජය අයකලොත් උඹේ බිරිඳ ගන්නා තීරණය මොකක්ද අහල කියපං, මට හිතනවා ඇයට මොංගල් නැත්නම් උඹව අත්හැරල යාවි කියලා

:       1       6

BamunuarachchiWednesday, 09 February 2022 06:34 PM

බදු අයකරන්නේ මිනිස්සුන්ට දෙන අර්ථසාධක මුදලින් නොවෙයි. බදු අයකරන්නේ අර්ථසාධක මුදල ආයෝජනය කර ලැබෙන පොලියෙන් කියලයි අපි දන්නේ... අර්ථ සාධක මුදල් සංචිතයට ඒ පොලී මුදල යනවා මිස අර්ථසාධක මුදල් වැඩි වුණා කියා මිනිස්සුන්ට ගෙවන මුදල් ප්‍රමාණය වැඩිවෙන්නේ නැහැ. 25% බදු මුදල කාගේවත් සාක්කුවට යන්නේ නැත. යොදවන්නේ රජයේ වියදම සඳහායි. ගුරාලාගේ වැටුප් වැඩිවීම, සිරිබිරිසෝ ගුරාලාගේ වැටුප් වැඩිවීම්, රජයේ ගොයියන්ට 5000 ගෙවීම්, පැන්ෂන් කාරයින්ගේ 5000 ගෙවීමවලට මුදල් භාවිතා කරනු ඇත. සිරිබිරිස්ලා කරත්ත දැක්කුවා මිස අර්ථසාධක ලබන රස්සාවක් කර නැති බව පෙනෙනවා.

:       2       2

sharm warn Wednesday, 09 February 2022 09:31 AM

රටේ ඉන්න ගොන් හරක් ජනතාවට තේරෙනවද දන්නේ නැහැ මේ කරන සාහසික හොරකම... අපි දුක් විඳලා හම්බකරලා, එකතු කරන අර්ථසාධකේ ආණ්ඩුවෙන් මංකොල්ලකන්න යනවා කිව්වොත් වත් තේරෙයිද මන්දා...!

:       1       8

fairoos Wednesday, 09 February 2022 01:21 PM

බමුණා වගේ වහල්ලුන්ට මේවා කියලා වැඩක් නෑ...

:       0       2

BamunuarachchiWednesday, 09 February 2022 06:40 PM

මේරටේ සිංහල අපිට තේරෙන්නේ නැතිනම් හරක් මස් කරන හම්බයින්ටද තේරෙන්නේ...?

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site