
(බී ජී චතුරංග)
අනුරාධපුර, ගල්පොත්තේගම යෝජිත රක්ෂිතයේ අක්කර 3කට ආසන්න ප්‍රමාණයක, මහා වන විනාශයක් සිදු කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු විශාල ප්‍රමාණයේ බැකෝ යන්ත්‍රයක් හා එය ප්‍රවාහනය කළ තට්ටු ලොරියක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර අඩවි වන කාර්යාලය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, සහ ගල්පොත්වය ගම් ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 27, 37 සහ 42 වියේ පසුවූ පුද්ගලයෝ තිදෙනෙකි.
රාත්‍රී කාලයේ මෙම වැටලීම සිදු කිරීමට කටයුතු කළ ද මධ්‍යම රාත්‍රියේදී සැකකරුවන් එය අතර මග නතර කර දමා යාම හේතුවෙන්, රක්ෂිතය තුළ සැඟව සිට සැකකරුවන් යළි වන විනාශය කිරීමට පැමිණි අවස්ථාවේදී මෙලෙස අඩවි වන නිලධාරී කාර්යාලය පවසයි.
උතුරු මැද සහ නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය වන සංරක්ෂණ නිලධාරී ඩබ්ලිව්.ඩී එන්. ආර් ප්‍රසාද් මහතාගේ උපදෙස් හා සෘජු මැදිහත්වීම , මත දින දෙකක් පුරා දිවා සහ රාත්‍රී කාලයේ පැවති දැඩි වර්ෂාව සහ වන අලි මධ්‍යයේ සිදු කළ සූක්ෂම වැටලීමකින් අනතුරුව මෙම සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවූ බව අනුරාධපුර අඩවි වන නිලධාරී කාර්යාලය සදහන් කළේය.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.