
(අංජුල මහික වීරරත්න)
අසීරු ඕනෑම අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් බව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ පැවසීය.
මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ මුහුණ දීමට සිදු වන ඕනෑම අභියෝගයකදී ශ්‍රී ලංකාවට සහාය වීමට රුසියාව සූදානම් බව ද රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.
මෙරට සංචාරයක නිරත රුසියා බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.
උද්ගතව ඇති ගෝලීය අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳ මනා අවබෝධයක් රුසියාවට පවතින බව මෙහිදී සඳහන් කළ රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී බලශක්ති ක්ෂේත්රය තුළ පමණක් නොව තාක්ෂණික, යන්ත්‍රෝපකරණ ආදී ඕනෑම ආකාරයකින් ශ්‍රී ලංකාවට සහාය වීමට සූදානම් බවද පැවසීය.
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කියයි ද දන්නෑ අපේ නොබැදි පිළිවෙත හින්දා කිසිම රටකට මේ වේලාවේ පක්ෂපාතී වෙන්නේ නැහැ කියලා.
රුසියාව ගැන විශ්වාසය ඵලෙසමයි.නමුත් අල්ලගෙන ඉන්න අත ගැන නම් විශ්වාසයක් නොතබන්න රුසියන් බලශක්ති අමාත්‍යතුමනි.ඵ් තරමටම බොරුව වංචාව විදිනවා.
රුසියාවට දැන් කාටවත් උදව් කරන්න බෑ, වෙන සැලැස්මකට එන්න හදන්නේ.
ණය කන්දක් හිසමත තබාගෙන සිටින, ස්වාභාවික ව්යවසනයන්ගෙන්ද අන්ත දුක් විදින අපේ රටට දැන් අවශ්‍ය වන්නේ අපට උදව් ගත හැකි රටවල් තමයි. අපට උදව් කිරීමට කැමැති රුසියාවට ස්තුතියි...
අපේ රටට උදව් කිරීමට ඉදිරිපත් වීම ගැන රුසියාවට ස්තුතියි.