IMG-LOGO

අසැබි දසුන් අන්තර්ජාලයේ විකිණු සිවුරු දරාගත් අයෙක් මාට්ටු

(ඉන්දිකා රාමනායක  සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අසභ්‍ය වෙබ් අඩෙවිවලින් දෙස් විදෙස් කුඩා  දැරියන්ගේ නිරුවත් ඡායාරූප හා ඔවුන් වැඩිහිටියන්  සමග සිදුකරන  ලිංගික දර්ශන  ඇතුළත්  වීඩියෝපට ලබාගෙන ඒවා සමාජ මාධ්‍ය හරහා  මුදලට අලෙවි කිරීමේ නිරතව සිටි රාගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන 19 හැවිරිදි සිවුරු දරාගත් පුද්ගලයෙක් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මාස 7 සිට අවුරුදු 18 දක්වා දැරියන්ගේ නිරුවත් ඡායාරූප හා  දර්ශන සැකකරු සතුව තිබී ඇති අතර  ඒ අතරින් සියයට 80ක් පමණ වයස අවුරුදු 10ට අඩු දැරියන්ගේ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුගේ  පරිගණක තුනක සමග ඒවායේ තිබී ඇති අතර   කුඩා දරුවන්ගෙ නිරුවත්  වීඩියෝ දර්ශන සහ ඡායාරූප 1500 කට අධික ප්‍රමාණයක්  පොලිස් භාරයට ගෙන ඇත

කුඩා දැරියන්ගේ නිරුවත් ඡායාරූප මෙන්ම  ලිංගික දර්ශන සමාජ මාධ්‍ය සමූහයන් තුළ සංසරණය වන බවට ලද තොරතුරක් මත පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය විසින් පරීක්ෂණයක් පසුගියදා ආරම්භ කළාහ.

සැකකරු එම දර්ශන  ඔහු විසින්  සම්බන්ධ වී සිටි සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඉල්ලුම් කරන පුද්ගලයන්ට මුදලට ලබා දී ඇත.

සැකකරු කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන ඇතුළත් රූපරාමු තොග වශයෙන් අලෙවි කරන බවත්, ඒ වෙනුවෙන් මුදල් අයකරන්නේ තහනම් ගුප්ත ව්‍යවහාරික මුදල් හුවමාරු  ක්‍රමයක් වන ක්‍රිප්ටෝ කරන්සි මුදල්  ක්‍රමයෙන් බවද විමර්ශන නිලධාරීන් අනාවරණ කර ගත් බව පොලිසිය පවසයි.

සැකකරු  සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර ගැනීමෙන් පසු නිලධාරීන් එම සැකකරු සමඟ කෙටි පණිවිඩ හුවමාරු කරගෙන ඇති අතර පසුව සැකකරුගේ විශ්වාස දිනා ගැනීමෙන් පසුව එම ඡයාරූප ඉල්ලා ක්‍රිප්ටෝ කරන්සි හුවමාරුව හරහා රුපියල් 2000ක මුදලක් සැකකරු වෙත යොමුකර ඇත.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්  සැකකරුගේ එම නීති විරෝධී  ක්‍රියාව තහවුරු කරගැනීමෙන් අනතුරුව නවීන තාක්ෂණය හරහා සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව  සැකකරු රාගම ප්‍රදේශයේ පුද්ගලයකු බවට තහවුරු කරගෙන ඇත.

නිලධාරීන්  හදුනාගත් එම ස්ථානයට ගොස් සොයා බැලීමේදී ඒ තේවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක්  බවට තහවුරු වී ඇත.

නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාව තෙක්ම  සැකකරු  විහාරස්ථානයක වැඩවාසය කරන සිවුරු දරාගත් පුද්ගලයෙක් බවට දැන සිටියේ නැති බවද එම පොලිසිය පවසයි.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී ලකි රන්දෙණිය මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්  පි ජයනෙත්සිරි ල සහකාර පොලිස් අධිකාරී ‍‍‍‍(කාන්තා)  චන්දිමා අනුමප්පෙරුම මහත්ම මහත්මීන්ගේ උපදෙස් මත සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බි  වි අයි ගයශ්රීා මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන නිශාන්ත , කුමාර , මයුරන් , මහේෂ්  පොලිස් කොස්තාපල් චාරුක පැතුම්  ,අරුණ ශාන්ත, අනුපම, නිරෝෂන් සංඛ මහත්වරුන් පරීක්ෂණ පවත්වති.



අදහස් (9)

අසැබි දසුන් අන්තර්ජාලයේ විකිණු සිවුරු දරාගත් අයෙක් මාට්ටු

Indika Tuesday, 19 September 2023 08:15 PM

රටකට ගිය කලක් .පරිහානිය

:       0       11

රාවණා Tuesday, 19 September 2023 09:19 PM

වැරැදි කළාම චීවරධාරියා වෙන්නත්, අනෙක් වෙලාවට භික්ෂූන් වහන්සේ වෙන්නත් පුළුවන්ද?

:       0       6

උපාසක Wednesday, 20 September 2023 12:02 AM

මේ සසර දුකයි කියලා වැටහෙන්න මේවා පෙන්නවද කව්ද දන්නේ.

:       1       7

Don perea Wednesday, 20 September 2023 02:23 AM

සිවුර දරාගත් ?

:       0       6

sadun Wednesday, 20 September 2023 03:55 AM

සාදු සාදු

:       1       5

ලුම්බිණි Wednesday, 20 September 2023 05:29 AM

නිවන් සුව..!

:       1       5

sachith Wednesday, 20 September 2023 09:42 AM

පාවිච්චි කරපු තාක්ෂණේ ගැන හිතාගත්තැහැකි.. තහනම් ගුප්ත ව්‍යවහාරික මුදල් හුවමාරු ක්‍රමයක් වන ක්‍රිප්ටෝ කරන්සි මුදල්... මේ කියලා තියෙන දේ හැටියට...

:       0       7

බද්රානි Wednesday, 20 September 2023 02:59 PM

අදාළ චීවර ධාරියාට දොස් නගනවා වෙනුවට, පුජකයින්ට මෙවන් විකුර්ති ලිංගික ආශාවන් ඇතිවීමට හේතුව සොයා බැලිය යුතුයි. විශේෂයෙන්ම එක්තරා රාමුවකට කොටුවී කුඩාකල සිට ඇති දැඩිවූ මොවුන්ගේ තරුණ කාලය ලිංගිකත්වයෙන් තොරව සිටීමේ අනිටු විපාක තමයි මේ... ලිංගිකත්වය මිනිස් අවශ්‍යතාවයක්. එය ආශ්වාදය කොට, එහි ආදීනව දැක, නිස්සරණය (මර්ධනය) කිරීමයි කල යුත්තේ.. පුජකයින් බොහෝ පිරිසක් කාම පීඩාවකින් පෙලෙන බව අප පිළිගත යුතුයි.. විශේෂයෙන් වැඩිහිටි පුජකයින් මේ ගැන කතා කල යුතුයි... අසැබි වීඩියෝ පට නරඹා විකුර්ති ලිංගික ආශාවලින් මනස පුරවාගෙන සිටින මොවුන්ට එහි ආශ්වාදය ලැබීමට නොහැකිවීම මේ නොමනා ක්‍රියාකාරකම් වල ප්‍රතිපලයක්...බොහෝ පුජකයින් පුනරුත්තාපනය කල යුතු තත්වයකයි පසු වන්නේ... ගිහියන් ලෙස මොවුන්ගේ සාමාන්‍ය ලිංගික ක්‍රියාකාරකම් දෙස අපි සානුකම්පිකව බැලිය යුතුයි.. මන්ද, ඔවුනුත් අප වැනි මනුෂ්‍යයන් වීම නිසා....

:       0       1

Nihal Wednesday, 20 September 2023 03:17 PM

වැරැද්දක් කරපුවාම තමයි දැනගන්නේ චීවරධාරීයෙක් බව...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 71 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site