
(විමුක්ති එස් රුද්‍රිගු)
මියන්මාර බන්ධනාගාරයේ සිටින අවුන් සාන් සුකී එරටට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් නිවාස අඩස්සියට පත් කර ඇතැයි එරට හමුදා රජයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් සෝ මින් තුන් පැවැසුවේය.
මියන්මාරයට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් 78 වැනි වියේ පසුවන අවුන් සාන් සුකී රෝගාතුර විය හැකි නිසා මෙම තීරණය ගත් බව මේජර් ජෙනරාල් සෝ ප්‍රකාශ කළේය.අවුන් සාන් සුකී පමණක් නොව මහලු වයසේ සිටින සියලුම සිරකරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් බවත් එම සිරකරුවන් දැඩි උෂ්ණත්වය හේතුවෙන් රෝගාතුරවීම වැළැක්වීම සඳහා දැනටමත් ක්‍රියා මාර්ග ගැනීම ආරම්භ කර ඇති බවත් මේජර් ජෙනරාල්වරයා පැවැසුවේය.
නමුත් අවුන් සාන් සුකී නිවාස අඩස්සියට පත්කිරීම සඳහා රැගෙන ගිය ස්ථානය ප්‍රසිද්ධ කිරීමෙන් මේජර් ජෙනරාල් සෝ මින් තුන් වැළකි සිටියේය.අවුන් සාන් සුකීට එල්ලවූ චෝදනා සැලකිය යුතු ප්‍රමාණයකට ඇය වරදකරු වීම හේතුවෙන් වසර 27 සිර දඬුවමක් ඇයට නියම විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd