
(සුජිත් හේවාජුලිගේ )
අවුරුදු සිරිත් විරිත් වලට නොගැලපෙන දේවල් එක් කිරීමෙන් වලකින්නැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගම ගෙදර දිසානායක මහතා අවුරුදු උත්සව සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.
අවුරුදු උත්සව විශේෂ අංගවලට අසභ්‍ය නොගැළපෙන දේවල් එකතු කිරීමෙන් රටේ සංස්කෘතිය සභ්‍යත්වය සහමුලින්ම විනාශයට පත්වන බව ඔහු සඳහන් කළේය.
අවුරුදු සිරිත් විරිත් චාරිත්‍ර විශේෂාංග වලට නොගැලපෙන දේවල් එකතු කරන පිරිස් සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් පසුවන බව අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටීවී නාලිකා විශේෂයි. මේ විකෘති කිරීම් වහාම සොයා බලන්න.
විද්‍යුත් මාධ්‍ය පෙන්වන අවුරුදු උත්සව වල නැත්තේම දේශීයත්වය පමණයි.
පැහැදිලි මදි. සිරිත් විරිත් වලට නොගැලපෙන දේවල්, ගැලපෙන දේවල් මොනවාද කියලා හරියටම තීරණය කරලා තියෙන නීතිය මොකක්ද? ඉස්සර ගනුදෙනු කළේ ළිඳත් එක්ක. අද බැංකුව/කඩේ එක්ක. එතකොට පැරැණි කෙනෙකුට ඒක නොගැලපෙන දෙයක් විදිහට පේන්න පුළුවන්. අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත් වීමට නැකතක් තිබ්බට අවුරුදු ලබන වෙලෙත් සමහරු වැඩ. එතකොට ඒවා සිරිත් විරිත් වලට ගැලපෙනවාද? බනිස් කෑම, අන්ධයාට කිරි කැවීම මේවත් පැරණි අවුරුදු ක්‍රීඩා නොවෙයි. එතකොට..?
මේපාර බොරු කීමේ තරගය අවුරුදු උත්සව වලට දායි කියලා බයවෙලා.