
(අංජුල මහික වීරරත්න)
බෝග නිෂ්පාදනයේ දී ඇතිවන වල් අලි හානි අවම කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස මහවැලි ඊ කලාපයේ හෙට්ටිපොළ විල්ගමුව කොට්ඨාශ වල කුරුඳු වගාව ප්‍රචලිත කිරීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය පවසයි.
මහවැලි ඊ කලාපයේ පැවැත්වෙන පුනරුද සතියට සමගාමීව විල්ගමුව සහ හෙට්ටිපොළ ගොවීන් සිය දෙනකු තෝරාගෙන වගාව ප්‍රචලිත කිරීමට සැලසුම් කර ඇත.මෙම ව්‍යාපෘතිය යටතේ වගා කිරීමට නියමිත කුරුඳු පැළ සංඛ්‍යාව ලක්ෂයකි.
ලංකාවේ කුරුඳු සඳහා ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතින බැවින්, මෙම වගාව මහවැලි ඊ කලාපයේ ප්‍රචලිත කිරීම මගින් එම ප්‍රදේශ වල ගොවීන්ගේ ආර්ථිකයද ශක්තිමත් වන බව මහවැලි අධිකාරියේ ඊ කලාපයේ නේවාසික කළමනාකරු එච්.එම්.කේ.ආර් හේරත් මහතා පවසයි.
කුරුඳු වගාවට වල් අලින්ගෙන් හානි නොවන නිසා එම ප්‍රදේශ වල අලි මිනිස් ගැටුම ද මෙමගින් අවම කර ගත හැකි බව හේරත් මහතා වැඩිදුරටත් කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරුඳු වලට වඩා හොඳයි "දෙහි, ලෙමන්, දොඩම්, වැල් දොඩම්, පැණි දොඩම්, නාරං, නස්නාරං" වැනි පැඟිරි ශාක වර්ග. පැඟිරි සුවඳට අලි-ඇතුන් අකමැතිලු. කටු සහිත ශාකයක් නිසා එයට හානි කිරීමට ළඟට එන්නෙත් නෑ. හැබැයි වැටක් වගේ කිසිම හිඩැසක් කුරුඳු වලට වඩා හොඳයි... "දෙහි, ලෙමන්, දොඩම්, වැල් දොඩම්, පැණි දොඩම්, නාරං, නස්නාරං" වැනි පැඟිරි, ශාක වර්ග. පැඟිරි සුවඳට අලි-ඇතුන් අකැමැතිලු. කටු සහිත ශාකයක් නිසා එයට හානි කිරීමට ළඟට එන්නෙත් නෑ. හැබැයි වැටක් වගේ කිසිම හිඩැසක් නැතිව දිගටම, වනාන්තර වටේටම තියෙන්න ඕනෑ. රටේම ජනතාව උනන්දු කරවලා, නිවාසවල පැලකරලා, ළඟම තියෙන කෘෂිකර්ම හෝ රජයේ කාර්යාලයක් මගින් පැල මිළට ගැනීම මගින් අත්‍යවශ්‍ය කරන පැල ප්‍රමාණය ඉතා ඉක්මනින් සපයාගන්න පුළුවන්. මෙම වගාකිරීම මගින් ප්‍රාදේශීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන්. ඵලදාව මිලට ගැනීමට සහ අතිරික්ත ඵලදාව අපනයනයට නිසි වැඩපිළිවෙලකුත් සකස්වෙන්න ඕන. වනජීවී, කෘෂිකර්ම, අහාර පිළිබඳ අමාත්‍යංශයන් එකතුව නිසික්‍රමවේදයකට අනුව වැඩේ කළොත්, ගම්මානවලට තියෙන අලි කරදරය වසර පහක් වැනි කාලයකදී ඉතාම අවම කරගත හැක. තවත් කෙටිකාලයකදී සමහරවිට නැත්තටම නැතිවේවි...!!!
ශුවර්ද ආයුබොවන්ඩ
අලි ආවත්, නැතත් නිකන් තිබෙන ඉඩම්වලට කුරුඳු වගාව නරක නැහැ. අස්වැන්නක් ලැබීමට යන කාලය වැඩි නිසා ගොවියන්ගේ ආර්ථිකය නම් බිඳ වැටේවි..!