
(රෝෂන් තුෂාර)
රුපියල් 154,200ක මුදලක් අල්ලසක් පොලිසිය තුළදීම ලබාගත්තේ යැයි කියන කොළඹ අපරාධ කොට්ඨාසයේ අපරාධ වාර්තා ඒකක අංක 07 ස්ථානාධිපති, පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (19) නියෝග කළේය.
රුපියල් 25000 මුදල් ඇප දෙකක් සහ ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප හතරක් සැකකරුවන්ට නියම කළ මහේස්ත්‍රාත්වරයා විදෙස් ගමන් තහනමක් ද පැනවීය.
පොලිස් පරීක්ෂක ලසන්ත ධර්මරත්න හා කොස්තාපල් හසිත් දේවින්ද මෙසේ ඇප මත මුදාහැරීමට නියෝග කෙරිණි.
සැකකරුවන් විසින් පොලිසිය තුළදී ලබාගත් මුදල් අල්ලසක් නොවන බවත්, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන මුදල් වංචා නඩුවක නඩු භාණ්ඩ හැටියට අධිකරණයට ඉදිරිපත් කිරීමට මුදල් ලබාගෙන ඇති බවත් සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සංජය ගමගේ මහතා කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම මගින් මෙම නඩුව පවරා තිබූ අතර මූලික විමර්ශන අවසන් බව එම කොම්ෂන් සභාව අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව මෙසේ ඇප නියම කළේය .

COMMENTS