IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාරදී ඇත.

අධිකරණ සේවයට යළි එක්වීමට ඇති කැමැත්ත නිසා විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තාවේ.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතාගේ පත්කිරීම නීතියට මෙන්ම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් මාධ්‍යවේදිනියක් සහ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පෙත්සමක් පවරා ඇති පසුබිමක කනිෂ්ක විජේරත්න මහතා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපතිවරයා වෙත මෙලෙස භාරදී ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවු කනිෂ්ක විජේරත්න මහතා සිය ඉල්ලා අස්විමේ ලිපිය භාරදී ඇති බව වාර්තාවේ.

මේ අතර අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතාගේ පත්කිරීම නීතියට මෙන්ම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් මාධ්‍යවේදිනියක් සහ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පවරා ඇති පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ සලකා බැලූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට භාරදී ඇති බව දැනුම් දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සුරසේන, ජනක් ද සිල්වා සහ කුමුදුනි වික්‍රමසිංහ යන මහතම මහත්මින්ගේ සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලු අවස්ථාවේදී ඒ බව දැනුම් දුන්නේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජයරත්න මහතාගේ පත්වීම අවලංගු කරන්නැයි ඉල්ලා මාධ්‍යවේදී රුවිණි ෆොන්සේකා ට්‍රාන්ස්පේරන්ස්සි ඉන්ටර්නැෂනල් ආයතනය ගොනුකොට තිබූ මෙම පෙත්සම්වල වගඋුත්තරකරු වශයෙන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ අධ්‍යකෂ ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යාකෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහෙවා මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා යළි අධිකරණ සේවයට එක්වීමට කැමැත්තෙන් සිටින බැවින් සිය ධුරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපතිවරයාට භාරදී ඇතැයි කීය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පිරිස් සහ විරාන් කොරයා යන මහත්වරු කරුණු දක්වමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යාකෂ ජනරාල්වරයා නීතියට මෙන්ම ව්‍යවස්ථාවට පටහැනිව පත් කිරීම හේතුවෙන් තම සේවාදායකයන්ගේ මෙන්ම රටේ සමස්ථ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි පැවසුහ.

ඉදිරිපත් වු සියළු කරුණු සැලකිල්ලට ගත් අධිකරණය පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන්නේය.

පෙත්සමකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන විරාන් කොරයා සහ සාලිය පිරිස් මහත්වරු පෙනී සිටියහ.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා පෙනී සිටිියේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොම්සමේ අධ්‍යාකෂ ජනරාල්වරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහෙවා මහතා පෙනී සිටියේය.



අදහස් (2)

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි

සෙනෙවිරත්න Monday, 07 October 2024 08:25 PM

හොරු ඇල්ලීමේ පළමු පියවර සාර්ථකව ඇත. ජනාධිපති වෙනස් නොවූයේ නම් ඉල්ලා අස්වීමක්ද නැත. වැඩේ ගානට හෙමින් බැලන්ස් එකේ යාම තමයි හොඳ. සොරු අල්ලන්න ප්‍රමාදයි කියා මොර දෙන්නේ මේ රජයට පක්ෂව ඡන්දය පාවිච්චි කළ අය නොවන බව සලකන්න. 2015දී සිරිසේන නැටූ නාඩගම් නැවත සිදු නෙවන බව අපට විශ්වාසයි...

:       0       0

Perera Tuesday, 08 October 2024 08:19 AM

මෙතුමා හිටපු මහඅධිකරණ විනිසුරුවරයෙක්. දන්නේ නැද්ද ලබපු පත්වීම නීතිවිරෝධී, ව්‍යවස්ථා විරෝධී කියලා...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 57 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 894 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2521 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site