( ඩී.ජී.සුගතපාල)
උණවටුන දලවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට ඔහුගේ මස්සිනා විසින් අලවංගුවකින් පහරදි අද (01) අලුයම ඝාතනය කර ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ උණවටුන දලවැල්ල පදිංචි ගනේගොඩ ගමගේ රත්නසිරි නමැති 54 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහුගේ බිරිඳ විදේශ ගතව සිටින අතර නිවසේ සිට ඇත්තේ බිරිඳගේ මල්ලි සමග බවත් සැකකරු අද අලුයම මස්සිනා නිදා සිටියදි ඔහුගේ හිසට අලවංගුවකින් පහරදි ඝාතනය කර පොලිසියට පැමිණ බාරවු බවත් පොලිසිය පවසයි. පසුව සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර මස්සිනාලා අක්කා වැන්දඹුවක් වීම වලක්වන්න මස්සිනා උපරිමයෙන් ආරක්ෂා කලා. සමාජයේ පිරිහීම සමග ආත්මාර්ථකාමිත්වය, සාරධර්ම විනාශය ඇතිවෙලා තියෙන්නෙ පසුගිය කාලයේ හිටපු දේශපාලුවො කරපු දේවල් නිසා තමයි