( සුමිත් ප්‍රේමතිලක)
රුපියල් එක්ලක්ෂ පනස් දහසක අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ දූෂණ චෝදනා දුෂණ චෝදනා විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල පානදුර ශ්‍රී සුමංගල පිරිමි විදුහලේ විදුහල්පතිවරයා දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා නියම කළේය .
2022 වසරේ පළමු ශ්‍රේණිය සදහා දරුවෙකු පාසලට ඇතුලත් කිරීම වෙනුවෙන්, රුපියල් ලක්ෂ දෙකක මුදලක් අයදීම සහ ඉන් රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් පස්වරුවේ ලබාගැනීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව චෝදනා නගා තිබුණි .
ලබන පෙබරවාරි 13 දා නඩුව යලි කැදවීමට නියමිතයි .
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
අල්ලස් ගත් විදුහල්පති රිමාන්ඩ්
පිටිගල මිලානෝ Saturday, 29 January 2022 01:57 PM
ලංකාවෙන් පිටවෙන්න තියෙන තරගය නිසා ගුවන්තොටුපොලේ ඉමිග්‍රේෂන් මහත්තුරුන්ගෙත් කලදසාව දැන් හොඳයිලු. ඉතාලියෙත් සෑහෙන්න අලුත් මූණු පිරිලා.
Sriland Saturday, 29 January 2022 02:52 PM
රටක් දියුණු වෙන්න නම් මේ දූෂණ නතර කරන්න ඕනෑ. පාසල්වලට ළමයි ඇතුළත් කරගන්න ගියාම ඩොනේෂන් එකක් කියලා මුදල් අරගන්නවා. මේ හැමදෙයක්ම වංචාව... මේවට නීතියක් ගේන්න ඕනේ.. එක රටක්..එක නීතියක්.. කවදා දකින්න ලැබෙයිද? උඩ ඉඳලා පහළටම වංචාව...
චන්දන Saturday, 29 January 2022 04:16 PM
මේ කතාව ඇත්ත. නමුත් විදුහල්පතිවරු කියන්නේ පාසල් නඩත්තු කිරීමට පාසල් සංවර්ධන ගිණුමට ලැබෙන මුදල් ප්‍රමාණවත් නැති බවයි. මෙයට අධ්‍යාපන ඇමතිවරයා පිළිතුරක් දිය යුතුයි...
සනත් Saturday, 29 January 2022 06:20 PM
විදුහල්පතිවරයෙක් දළවශයෙන් එක එක් ශ්‍රේණියට අනුව රුපියල් ලක්ෂයකට ආසන්න වැටුපක් ගන්නවාලු. ඊට අමතරව විභාග රාජකාරිවලට නියැලී අමතර මුදල් ලබාගන්නවාලු. පොදු මගී සේවාවේ ගොස් තමන්ගේ හරි අනුන්ගේ හරි වාහනයක තොරතුරු දීලා ඒකටත් විභාග දීමනාවක් ගන්නවාලු... තවතව ඒවා ඇති පාසලේ දියුණුවට සඳහා කියා උදව් උපකාර ලබා ගන්නවාලු.. ඒ අස්සේ මේ වගේ ජරාවැඩත් කරනවාලු.... ඒහෙත් වැටුප් විෂමතාවය කියා මහ පාරට බැහැල පිකටිං කරනවා.
Soma dubayi Sunday, 30 January 2022 08:27 AM
පොඩි අල්ලසක් ගත්තත් දරුවන්ගේ දැස පාදන ගුරු පියෙක් නේ.මේ පාර සමාව දෙමු