(නිමල කොඩිතුවක්කු)
වර්තමාන රජය සෑම ක්ෂේත්‍රයකින්ම ජනතාව රවටා ඇති බවත් එසේ රැවටීමෙන් වර්තමානයේ රට දැවැන්ත අර්බුධයකට මුහුණ පා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(7) පැවසීය.
විපක්ෂයක් ලෙස තමන් ඇතුලු පිරිස කිසිදා ජනතාව රවටා නැති අතර ‘හුස්ම‘ වැඩසටහන යටතේ විපක්ෂයේ සිට පවා ජනතාව වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කර ඇති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
සමගි ජනබලවේගය කියන දේ කරන සමාජ ප්‍රජාතනත්‍රවාදී වැඩපිළිවෙළක් සහිත පක්ෂයක් බවත් විවිධ පක්ෂ සමග විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.
රජය ගොවීන් පවා රැවටූ බවත් මේ වන විට පොහොර හිගය නිසා මාස් කන්නයේ අස්වැන්න සියයට 50කින් අඩු වූ බවත් විපක්ෂනායකවරයා පැවසීය.
ජනසෙත පෙරමුණේ පකෂ නායක බත්තරමුලලේ සීලරතන හිමි ඇතුලු පක්ෂ නියෝජිතයින් පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
අර්බුදයට හේතුව රජය ජනතාව රැවටීමයි
මහසෙන් Thursday, 07 July 2022 04:36 PM
හා.එහෙනම් ඔයා ලග උත්තරත් තියෙනවනේ.9 වෙනිදා පස්සේ රට බාර ගන්න.ඔයා ජනාධිපති ,අනුර කුමාර අගමැති .
ravin Thursday, 07 July 2022 04:41 PM
ඔක්කොම කරන්නෙ ජනතාව මුලාකිරිම මිසක් අන්කිසිවක් නොවෙ
Bamunuarachchi Thursday, 07 July 2022 06:05 PM
ආ මේක ගැලරියත් එක්ක කරපු කතාවක් අපිට අදාළ නැත.
chandima Thursday, 07 July 2022 06:53 PM
ඔව්ව ඔය කාර්යලෙ අතුලෙදි කිව්වට කමක් නැහ. කිය කියා අර උද්ගෝශන මල්වට්ටියට එහෙම අතගහන්න යන්න එපා ලකුනු දාගන්න. අන්තිමෙ මෙ පාරත් ගඩොල් පාරවල් කන්න වෙයි.