IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


අරුන්දිකට ඇමැතිධුරය අත හරින්න වෙයිද?

(ඩබ්ලිව්. කිර්ති මිගමුව)

රාගම වෛද්‍ය පිඨයේ සිසුන්ට පහරදීමේ සිද්දියට මා සම්බන්ධ බවට තහවුරු වුවහොත් ඇමතිධූරය අත් හරිනවා යැයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

එම සිද්දියෙන් තුවාල ලබා දැන මිගමුව රෝහලේ ප්‍රතිකාර ලබන රාගම වෛද්‍ය පීඨයේ තෙවන වසරේ සිසුවකු වන ලොහාන් කනිෂ්ක සෙනරත් පරණවිතානගේ සුවදුක් විමසීම සදහා රෝහලට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය.

මෙම සිද්ධිය ගැන දැනගත්තේ අද උදෑසන. මේ සදහා පොල් සංවර්ධන අධිකාරියේ වාහනයක් ඊට යොදාගෙන ඇති බව දැන ගත්තා. ඒ අයට එරෙහිව විධිමත් පරික්ෂයකින් පසු විනය පියවර ගැනීමට කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම සිද්ධියෙන් තුවා ලැබූ ලොහාන් කනිෂ්ක සෙනරත් පරණවිතාන සිසුවාගේ මව වන විශේසඥ වෛද්‍ය කේ ඩි සි පරණවිතාන මහත්මිය අදහස් දක්වමින් ශිෂ්‍ය සමිති අතර ගැටුමක් නිසා මෙම පහරදීමට සිදුව ඇති බව දැන ගන්න ලැබුණා.

පළමු වසරේ දීත් මගේ පුතාට පහරදීමක් කළ බව ඇය වැඩිදුරටත් කීවාය.මෙම ගැටුම්වලට නවවදය බවත් විශ්ව විද්‍යාල තුළින් නවක වදය අවසන් කිරීම සදහා කටයුතු කිරීම සියලුදෙනාගේම වගකීමක් බව ද ඇය කීවාය.

 



අදහස් (4)

අරුන්දිකට ඇමැතිධුරය අත හරින්න වෙයිද?

siri Wednesday, 02 February 2022 06:57 PM

බස්නාහිරෙන් ඉර පායයිද?

:       0       33

kapila Wednesday, 02 February 2022 08:31 PM

නවක වදය නම් අර රතු මල්ලිලා ඕක පිටිපස්සේ ඇති....

:       28       26

Raveendra Wednesday, 02 February 2022 08:40 PM

අනේ මේ අහිංසකයාගේ මුණ දුටුවිට (බඩ පිටට ඇලිලා ආහාර අහේනිය නිසා) බොහොම අමාරුවෙන් එදා වේල සරිකර ගන්නා පුරවැසියෙක් බව හොඳින්ම පැහැදිලි වෙන අතර එවන් අහිංසකයකු එවැනි වරදක් කරයි කියලා කව්ද හිතන්නේ? ඒ කොහොම වුණත් හොරාට ඉස්සෙල්ලා අලුකෙසෙල් කැන එළියට දාලාද මන්දා?

:       2       36

gonja Wednesday, 02 February 2022 09:09 PM

මූණ බැලුවාම තේරෙනවා කවුද කියලා...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site