IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


අරුන්දිකගේ පුත් ඇතුළු 6 ක් රිමාන්ඩ්

(විමුක්ති එස් රුද්‍රිගු)

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත් අරවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් හය දෙනා අද (03)  වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 7 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් හේෂාන් ද මෙල් මහතා නියෝග කළේය.

රාගම වෛද්‍ය පීඨයට බලහත්කාරයෙන් ඇතුළත්ව එහි සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් ඊයේ (02)  අත් අඩංගුවට ගෙන අද (03) දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළ සැකකරුවන් පස් දෙනා  සහ පෙරේදා  රාත්‍රියේ නීතිඥවරයෙක් මාර්ගයෙන් රාගම පොලිසියට භාර වූ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත් අරවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු මෙසේ අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

පළාගිය බී.එම්.ඩබ්ලිව් රථය කළුබෝවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඉතුරු සැකකරුවන් සොයා විමර්ශන කටයුතු සිදුකරන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා මහතා පවසයි .

(ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)

 

 

 



අදහස් (1)

අරුන්දිකගේ පුත් ඇතුළු 6 ක් රිමාන්ඩ්

Siri Thursday, 03 February 2022 11:27 PM

කවුද මේ? ඇහුවෙත් අදයි... මෙහෙම රාජ්‍ය ඇමැතිලා තව කොච්චර ඉන්නවා ඇතිද? අකුලකට පොල්ලකින් ගැහුවොත් තව ඕනෑතරම් රාජ්‍ය ඇමැතිලා විසිවෙයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site