(යොහාන් භාසුර)
ගාලුමුවදොර අරගලයට සහයෝගය දැක්වූ බවට චෝදනා එල්ල වූ බ්‍රිතාන්‍ය ජාතික තරුණියගේ විසා අවලංගු කිරිමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මෙම මස 15 වැනිදාට පෙර ශ්‍රී ලංකාවෙන් පිටව යන ලෙස ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇයට දැනුම් දී තිබේ. ඇය වෛද්‍ය හේතූන් මත ලබාගත් වීසා හරහා ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගාලුමුවදොර අරගලයේ සිද්ධීන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ බවට ඇයට මීට පෙර චෝදනා එල්ල වූවාය.
COMMENTS
දැන් බ්‍රිතාන්‍ය රජයත් ශ්‍රී ලාංකිකයින්ට බ්‍රිතාන්‍ය වීසා නොදී හිටියා නම් හරියට හරි.. මේ ගැන අපි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට දැන්විමක් කිරීමට බලාපොරොත්තු වෙමු..
සංචාරකයන්ට ලංකාවට එන්න කැමැතිනම් උද්ඝෝෂණවලට වුණත්, සහභාගි වෙන්න කියලා හිනා වෙවී රනිල් මාධ්‍යවලට වොයිස් කට් දුන්නා නේද? මේක මෝඩ තීරණයක්... මේ තරුණියට දෙන අනවශ්‍ය ප්‍රචාරයක්... දැන් අය ගෙදර ගිය ගමන් එහෙ මාධ්‍ය අයගේ පසුපස එනවා. ඊටපස්සේ මාධ්‍ය සාකච්ඡා තියමින්, මයිනන් කපුටන් සහ ආණ්ඩුවේ ඉන්න හොරු ගැන හොඳ ප්‍රචාරයක් දේවි.
මේක ඉතාමත් වැරදි දෙයක්.
මේවා හරහා තමයි ව්‍යාජ අරගලයට මුදල් පොම්ප වුණේ. තව බොහෝ දේවල් එළිවිය යුතුයි .කුඩ්ඩන්ට කුඩු පවා නොමිලේ ලැබෙන්න ඇති.
Very bad. President told foreigners to come Sri Lanka and you may participate the Aragalaya. . Telling one thing in English and Doing another using Sinhala????
රනිල් වික්‍රමසිංහගේ මතය වන්නේ අරගලයට සහය දීම වරදක් කියාද? එසේත් නැත්නම් එය වරදක් නෙමෙයිද? එය වරදක් නම්, අරගලකරුවන් සියල්ල වැරදි විය යුතුයි. එසේ නම් අරගලකරුවන්ගේ ඉල්ලීම වන GotaGoHome ද වැරදි විය යුතුය. එම නිසා අරගලකරුවන් වැරදියි කියා කියනවා නම් අරගලකරුවන් නිසා බලයට පත්වූ රනිල් මහතාද එම ධූරයෙන් ඉවත්වී පෙර සිටි ගෝඨාභය මහතාව නැවත එම ධූරයෙහි පිහිටුවිය යුතුය. එසේත් නැතිනම් අරගලයට සහය දුන් පොදු ජනතාව දඩයම් කිරීම නවත්වන්න.
ඕනෑම රටකදි වියහැකි දෙයක්. තමන් ඒ රටට ගියා කාර්යය සඳහා පමණක් වීසා වලංගු වේ.
මේ වැඩ වලින් අපට හොදක් නම් වෙන්නෙ නෑ , රටවල් තරහ කරගන්න කාලයක් නෙමෙයි මේක.
විදේශීය සංචාරකයන් හා රටවල් අමනාප කරගැනීමට තමයි මේ උත්සාහය. මේ රටේ මිනිසුන් අරගල හා උද්ඝෝෂණ කළේ ඇඟේ අමාරුවට නෙමෙයි. රට බංකොලොත් කළ දූෂිත පාලනයට හා දේශපාලනඥයන්ට එරෙහිවයි. ඒ දූෂිතයන් රටේ මුදල් හොරා කෑ එක, රට බංකොලොත් කරපු බව අද ජනතාවට අමතක කරවන්න පුළුවන් වේවි කියා හිතන්නට එපා. මේ විදේශීය තරුණිය උද්ඝෝෂණයට එක්වෙන්නට ඇත්තේ, මේ රටේ ජනතාවට තියෙන පීඩනය ගැන අවබෝධ කරගත් නිසා බව පෙනේ. නිකං අහක යන නයි කෝප කරගන්නේ නැතිව මේ රටේ ඇති යථා තත්ත්වය ගැන අවබෝධ කරගැනීම මුලින්ම සිදුවිය යුතු බව අදාළ අංශ අවබෝධ කරගත යුතුය.
NEGO ඩොලර් වලට වැඩකරන පිල්ලියක් වගේ පේන්නේ. මෙයාත්, මේ රටේ ඉන්න නාගානන්දත් රටට කරන්නේ ලොකු හානියක්. වහාම පිටකළ යුතුයි.
සමහරුන්ට මේ ආරංචිය සතුට ගෙනදෙන්නක් විය හැක. මෙය විහිළුවකට භාර ගන්න එපා. මනුෂ්‍යත්වයට විරුද්ධව සිදුකරන තාඩන පීඩනවලට විරුද්ධවීම සංවේදී විවෘත මනසක් ඇති ඕනෑම මිනිසෙකුගේ හෝ ගැහැණියකගේ යුතුකමක්. එයට තමයි කියන්නේ සැබෑ මිනිස්කම කියලා. ඒ වගේමයි පීඩනය සිදුකරන්නා හෙවත් පීඩකයා වනාහි අවාසනාවකට හෝ වැරැදීමකින් මිනිස් ආත්මයක් ලද යක්ෂයෙකි. තාක්ෂණය අද ලෝකයේ බොහොම ඉහළයි. මේ තරුණිය අරගලය ගැන සන්නිවේදනය කළත් නොකළත් අපේම රටෙන් සියලුම තොරතුරු ඒ මොහොතේදීම ලෝකයේ අදාළ ආයතන කරා සන්නිවේදනය වෙනවා. ජිනීවාවල මානව හිමිකම් ආයතනය කරා නොකඩවා සන්නිවේදනයකරණ සන්නිවේදන ජාල කිහිපයක්ම තිබෙනවා. ඔබ මම අප අමතක නොකළයුතුම තවත් දෙයක් තිබෙනවා. ඒ තමයි මේ ක්‍රියාවට විරුද්ධව ඇතිවෙන ප්‍රතික්‍රියාව. හොර නඩයක් විසින් කොල්ලකන ලද දුප්පත් රටක, අසරණවී, කරකියාගත නොහැකි තත්වයක සිටින අහිංසක මිනිසුන්ගේ දුක්බර ශෝකාලාපය තවත් තිව්‍ර කරවන යමක් මේ ප්‍රතික්‍රියාව නිසා ඇතිනොවේ කියා කාට අවධාරණය කළ හැකිද...? එය අනුමානයකට පමණක්ම සිමාවුනොත්....
ප්‍රේමදාස මහත්තයා ග්ලැඩ්ස්ටන් එලෙව්වා වගේ මේ අයව එළවා දැමිය යුතුයි.
හොඳ වැඩේ. බ්ලැක් ලිස්ට්ම කරලා යවන්න තියෙන්නේ . අරගලේ නමින් සිද්ධ වුණේ කුමන්ත්‍රණයක්.
මේ ලිබරල්වාදීන් පන්න දමන්න.
අනුන්ගේ රටවල් වලට ඇවිත් දේශපාලනය කරන්න දෙන්න බෑ... වහා පිටුවහල් කරන්න.
ලොක්කම නේද කිව්වේ සුද්දන්ට ඇවිත් අරගලයට සම්බන්ධ වෙන්න කියලා එයත් දැන් නන්දෙ වගේ රිවස් ගහන්න පටන් අරන්ද බොලේ.
කවුරු මොනාව කීවත් සිදුවිය යුත්තේ මෙයයි. එයා ආවේ වෛද්‍ය ප්‍රතිකාරයක් සඳහා නම් එයා ඉන්න ඕනේ එතැන. අරගලයට ආවා කියන්නේ, මෙයා හොර වැඩක් කරනවා. අනිවාර්යයෙන්ම මෙයා එන්.ජී.ඕ. කාරියක් නැත්නම් කොටි ඩයස්පෝරවට වැඩකරන්නියක්...
ෂුවර් එකටම මෙයා බ්‍රිතාන්‍ය ඔත්තුසේවාවේ එජෙන්ට් කෙනෙක් . සමහරවිට ඩබල් එජෙන්ට් කෙනෙක් වෙන්නත් පුළුවන්. නැතුව මේ පිටස්තර ගැහැනිට කොහේ තිබෙන අමාරුවකටද අරගල කාරයින්ට එකතුවෙන්නේ. රටේ බුද්ධිංශ මෙය ගැන සෙව්වොත් හොන්දයි. අපේ ගොබ්බයින්ට මේවා තේරෙන්නේ නැහැ. අරගල මල්ලිලා කරපු මගුලකුත් නැහැ පස්ස පැත්තත් නැහැ.