
යුරෝපයේ හැර ලෝකයේ සෑම කලාපයකම පාහේ මෙම වසරේ පළමු මාස තුනේදී අයි ෆෝන් සඳහා ඇති ඉල්ලුම සියයට දහයකට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි ඇපල් සමාගම ප්‍රකාශ කළේය.
අවුරුද්දකට වඩා වැඩි කාලයකදී සිදු වූ විශාලතම අලෙවිය පහත වැටීම මෙම වසරේ පළමු මාස තුනේදී වාර්තාකර ඇති බවත් සංඛ්‍යා ලේඛනවලට අනුව අයි ෆෝන් අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම මෙම වසරේ පළමු මාස තුනේ දී සියයට හතරකින් පහත වැටී ඇති බවත් ඇපල් සමාගම පැවසුවේය.
අයි ෆෝන් අලෙවිය පහත වැටීම ඇපල් සමාගමේ ප්‍රධානී ටිම් කුක් සාධාරණීකරණය කිරීමට උත්සාහ දරමින් පසුගිය වසරේ පළමු මාස තුනේදී කෝවිඩ් වසංගතය අවසානවීම හේතුවෙන් අයි ෆෝන් සඳහා විශාල ඉල්ලුමක් තිබී ඇති බවත් වෙළඳපොළ සාමාන්‍ය තත්ත්වයට හැරීමෙන් පසුව මෙම වසරේ පළමු මාස තුනේදී සාමාන්‍ය පරිදි දුරකථන අලෙවි වී ඇති බවත් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.වසර දෙක සංසන්දනය කරන විට මෙම වසරේ පළමු මාස තුනේදී අයි ෆෝන් අලෙවිය පහත වැටී ඇති බවට දත්ත වාර්තා පෙන්නුම් කරන බවද ටිම් කුක් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අයි ෆෝන් ඉල්ලුම පහළ ගිහින්