
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
මූල්‍ය අරමුදලේ ගිවිසුමට සංශෝධන කර තිබෙන අතර එහි ප්‍රතිඵල අයවැයෙන් දැනගන්න හැකියාව තිබෙන්නෙ යැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පාර්ලිමේන්තු දෙදින විවාදයේ පිළිතුරු කතාව කරමින් බිමල් රත්නායක මහතා මේ බව කීය.
"අපි වැට් බද්දත් අඩු කරනවා.බදු අඩු කරන්න පුළුවන් පාර්ලිමේන්තු පනතකින් පමණයි.ඒක ජනාධිපතිටවත් වෙන කාටවත් කරන්න බෑ.
සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම දෙනා එක්ව දී තිබෙන පණිවිඩය විපක්ෂය තේරුම් ගන්නේ නැද්ද?
පළාත් පාලන ඡන්දය පවත්වන්න අද සියලුම දේශපාලන පක්ෂ එක්වී තිබෙනවා.තමන්ගේ ඥාතීන් සැමරීමේ අයිතිය රාජ්‍යයන්ට වඩා පරණයි.ඒක තහනම් කරන්න ජනාධිපතිට හෝ අධිරාජ්‍යයන්ටවත් බෑ.
COMMENTS
එහෙනම් මොන මගුලටද ඇමැතිතුමෝ සමරපු ෆොටො දාපු අය කූඩුවට දැම්මේ...
අම්මෝ දැන් ඉතින් අර කිව්ව විදියට මෙයාලාගේ රෙගුලාසි වලට විද්‍යාත්මකව ණය ගනි නේද
IMF කට්ටියගේ ඇස් උඩයන්න සැරටම අමතලා ඒ කට්ටිය හරි බයෙන් ඇති... බොරු එහෙම නෙවෙයි.. ඇත්තමයි.
හැබැයි අයි.එම්.එෆ්. එක කියන්නේ අයවැයෙන් පස්සේ තමයි කියලා එයාලගේ හතරවෙනි වාරිකය ගැන තීරණය ගන්නේ කියලා. ඔබතුමාලා මෙතුවක් කල් කියපුවා සහ කරපුවා දිහා බැලුවාම නම් ඔය කතා කිසිවක් විස්වාස කරන්න අපිට අමාරුයි වගේම අයි.එම්.එෆ්. එකටත් අමාරුයි වගේ. අපි බලමු අයි.එම්.එෆ්. එක කරන දේ.