
(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකා නාවික හමුදාව හා ඉන්දිය නාවික හමුදාව ඒකාබද්ද මෙහෙයුමකින් පසුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 356ක් සමග අරාබි මුහුදේ දී අත්අඩංගුවට ගත් සැකකාර ශ්‍රී ලංකීය ධීවරින් එකොළොස් දෙනා මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (03) අවසර ලබා දී ඇත.
දෙවුන්දර හා ගන්දර පදිංචි එම්.එච්.මල්ෂාන්,ගයාෂාන් ලක්මාල්,සනෝච් ක්‍රිෂාන්,එම්.එන්.හසින්ත,සංජය කුමාර,මොනරාගල සුදේශ් නිශ්ශංක,මලිත් මිලින්ද,කේ.එච්.උමේෂ් ,එම්. තිලංක,පී .එම් .රොෂාන්,එච් කාල්ටන් යන සැකකරුවන් මෙසේ රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇත.
සැකකරුවන් සමග අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 355 ග්‍රෑම් 828 රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත.
මෙම සැකකරුවන් පසුගිය නොවැම්බර් මස 25 හා 26 වන දිනවල දී නාවික හමුදාව ඉන්දීය නාවික හමුදාව සමග කළ මෙහෙයුමක් අනුව අත්අඩංගුවට ගෙන පසුගිය 02 දින කොළඹ වරායට රැගෙනවිත් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ටට භාරදීමෙන් පසුව 03පෙරේදා දින අධිකරණයට ඉදිරිපත් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව විමර්ශන ප්‍රගතිය ලබන 09 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත් වරයා නියෝග කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ - ලංකාවේ හමුදාව එකතුවෙලා ඔය අල්ලන ජාවාරම්කරුවන් ඔක්කොම මුහුදට තල්ලු කරලා එන්න තිබ්බේ, ඔය මිනිස්සු ඇප ලැබිච්ච ගමන් ආයෙත් පුරුදු මත්ද්‍රව්‍ය වෙළදාම කරනවා.