
(යොහාන් භාසුර)
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍යංශයේදී අද (28) පැවැත්වීණි.
තානාපතිවරයා සමඟ ලේකම් හිෂාම් තහා මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.
පලස්තීනයේ ගාසා තීරයේ වත්මන් යුද්ධ තත්ත්වය හා යුද්ධය නැවත්වීම සඳහා ගන්නා පියවරයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බවත් ශ්‍රී ලංකාව සදාකාලිකව යුද්ධයට විරුද්ධ වන අතර නිදොස්, අහිංසක පලස්තීන ජනතාවට අත්වන මරණයන් නැවත්වීමට සියලුම පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
ශ්රී ලංකාව පලස්තීනයට සහය පලකලාට කොටි සංවිධානය පුහුණුවට පලස්තීනය ඊළාම් යුද්ධය කාලයේ කොටින්ට සහාය දුන්න නේද?
එයා හමු උනාට කමක් නෑ.ඊශ්‍රායලය සමග තියෙන ඇයි හොදයි කම් නැති කරගන්න නම් එපා.පලස්තීන තානාපති කියන්නේ අපේ රටට සත පහක්වත් වැඩක් ඇති කෙනෙක් නෙමෙයි.අපේ රට කොටි ත්‍රස්තවාදීන් සමග හැප්පෙන කාලයේ මෙයාලා කොටින්ට උදව් කල බව අමතක කරන්න එපා.
ඔන්න කුණූ ගොඩකට පය තිබ්බා ! තියෙන ප්‍රශ්න මදිවට නිකං කුණු කන්දක් උඩට නගින්නෙ බිමලට පිස්සු! විහින් ත්‍රස්තවාදීන් වෙච්ච පලස්තීන එවුන්ම සාමකාමී මිනිස්සු වියයුතුයි!!
ගොන් වැඩ කරල මිසයිලයක් ගෙන්න ගන්නකො
ලංකාවේ සමහරක් ඉන්නවා, ඊශ්‍රාෙයල් කියන රට කොහොමද බිහිවුණේ කියලා දන්නේ නැති...
ෆයිරූස්, ඔයාට මතකද පර්සියාව කියල රටක් තිබ්බ කියල