
(අංජුල මහික වීරරත්න)
රජය ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධන වැඩසටහන යටතේ ජනතාවට පහසුවෙන් ළඟා විය හැකි ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන දහසක් ස්ථාපිත කෙරෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
මෙරට ජනතාව සුවපත් කරන කාර්යයේදී හෙදියන්ට විශාළ වගකීමක්, කාර්යක් පැවරෙන බවද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා කීය.
ලේකම්වරයා මේ බව අවධාරණය කර සිටියේ අම්පාර හෙද විදුහලේ පැවති 2020 - A සිසු හෙද කණ්ඩායම සදහා හිස්වැසුම් පැළඳවිම සහ සේවයට කැපවීමේ උළෙලට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වෙමිනි.
හෙද සිසු සිසුවියන් සදහා වන තුන් අවුරුදු පාඨමාලාවේ පළමු වසරේ න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුව සාර්ථකව අවසන් කරන ලද සිසු සිසුවියන් 140 ක් සදහා මෙහිදී හිස් වැසුම් පැළදවිම සහ සේවයට කැපවීම සිදු කෙරිණි. අම්පාර හෙද විදුහල ස්ථාපිත කිරීමෙන් පසු එහි සේවයට කැපවන 18 වන සිසු හෙද කණ්ඩායම මෙම කණ්ඩායම වේ.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.