IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


අම්බුළුවා කේබල් කාර් ව්‍යාපෘතිය

(සුරංග රාජනායක)

ගම්පොළ අම්බුලුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ ඉදිකිරීමට යෝජිත කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා පළමු අදියරේ අත්තිවාරම සැකසීම සඳහා අවසරයකින්  තොරව පස් කයන යන්ත්‍රයකින් පස් කපමින් සිටි ආයෝජන සමාගමක වැඩ පරික්ෂකවරයකු රියදුරකු හා පස් කපන යන්ත්‍රයක් ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මියගේ නියමයෙන් සිය බාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා ගම්පොළ කඳවුර නිලධාරීහු පවසති.

මෙරට සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් ගම්පොළ දුම්රිය ස්ථානයේ සිට කඳු කීපයක් පසුකර අම්බලුවාව කඳු මුදුන යා කරමින් මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ඉදිකරන අතර ඒ සඳහා මූලික අදියර සඳහා රුපියල් බිලියන එකයි දශම දෙකක් ඇස්තමේන්තු කර තිබේ.

ඇමරිකාව චීනය යන රටවල සමාගම් දෙකක් හා මෙරට සමාගමක් සමග අම්බලුවාව භාරකාර මණ්ඩලය මෙම ව්‍යාපෘති සඳහා මුදල් ආයෝජනය කොට තිබේ.

මේ පළමු අදියර යටතේ අම්බලුවාව කඳු මුදන තුළ මීටර 18ක් යට ගලවිද කණු ඉදිකිරීම ආරම්භ කර තිබුණි.

ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා ආයතන 18ක අවසර පත් ලබාගෙන ඇතැයි සඳහන් වුවද ග්‍රාම නිලධාරී ප්‍රාදේශීය ලේකම් හා භූවිද්‍යා අංශ මඟින් පස් කැපීම සඳහා නිසි අවසරය ලබා ගැනීම සිදුකර නැතැයි චෝදනා එල්ල කරමින් මෙම වැටලීම සිදු කර තිබේ.

 



අදහස් (0)

අම්බුළුවා කේබල් කාර් ව්‍යාපෘතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 879 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 983 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site