
(එච්.එම්.ධර්මපාල )
ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගෙන් ලබා ගන්නා අම්බර කිලෝ 17 ක් සමග සැකකරුවන් පස් දෙනෙකු වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
මුහුදු දඩයක්කරුවන් විසින් ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලෙන් ලබා ගන්නා අම්බර තොගයක් ඇල්පිටිය ප්‍රදේශයේ පුද්ගලයින් කණ්ඩායමක් විසින් රුපියල් ලක්ෂ 500 කටඅලෙවි කිරීමට සූදානම්ව සිට ඇත.
මේ බව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායට ලද තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදුකල වැටලීමේදී එහි මහ මොළකරුවන් දෙදෙනා සහ එම ජාවාරම් සම්බන්ධ තවත් පුද්ගලයින් තිදෙනකු විකිණීමට සූදානම් කර තිබූ මෙම අම්බර කිලෝ 17 ග්‍රෑම් 234 සමග පොලිස් භාරයට ගනු ලැබ ඇත .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තල්මසුන් මරා අම්බර ගන්නේ කොහොමද .උන් ජීවත් වෙන්නේ ගැඹුරු මුහුදේ .විශ්වාස කරන්නත් අමාරුයි