IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


අමාත්‍යංශයට කුලියට ගත් ගොඩනැඟිල්ලට කෝටි දෙකක් වැඩිපුර ගෙවලා

(සුජිත් හේවාජුලිගේ )

බන්ධනාගාර  ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන,  නැවත පදිංචිකිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයට ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේදී ගොඩනැගිලි හිමිකරුට වැඩිපුර මුදල් ගෙවීම නිසා රජයට රුපියල් කෝටි දෙකකට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි  ජාතික විගණන කාර්යාලය පවසයි.

එවකට අමාත්‍යවරයාගේ සංකල්පයක් අනුව එම අමාත්‍යාංශය සහ ඒ යටතේ වන සියලු ආයතන  එකම ස්ථානයකට ගෙන යෑමේ අරමුණින්  මෙම  ගොඩනැගිල්ල කුලියට ගෙන ඇතැයි පැවසෙන්නේ  2016 වර්ෂයේදීය.

ගොඩනැගිලි හිමිකරු සමඟ සාකච්ඡා කිරීමකින් තොරව  ඔහු ඉදිරිපත් කළ ලංසු වටිනාකමට ගොඩනැගිල්ල කුලියට ගැනීම නිසා මෙම පාඩුව  සිදුවී ඇති බව එම කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

මෙම ගොඩනැගිල්ල මාසයකට රුපියල් පනස් ලක්ෂ අසූ නව දහස් පන්සියයකට කුලියට ගැනීම සඳහා  ගොඩනැගිලි හිමිකරු සමඟ මුලින්  ගිවිසුමකට එළඹ තිබුණු බවත්  රජයේ තක්සේරුකරු ඒ ගොඩනැගිල්ලේ මාසික කුලිය රුපියල් ලක්ෂ 30 ක් ලෙස තක්සේරු කර තිබුණද  ඒ පිළිබඳ නිශ්චිත සාකච්ඡාවකින් තොරව මාසයකට රුපියල් අට ලක්ෂ අසූ නව දහස්  පන්සියයක් බැගින් වසර දෙකක් සඳහා  රුපියල් දෙකෝටි දහතුන් ලක්ෂ හතළිස්  අට දහසක   මුදලක් වැඩිපුර ගෙවා ඇති බවත් එම වාර්තාව සඳහන් කරයි.

හිතුමතේ  කටයුතු කිරීම නිසා රජයට මෙම විශාල පාඩුව සිදුවූ බව    විගණන  නිලධාරීහු පවසති. පසුගිය රජය සමයේදී  කෘෂිකර්ම  අමාත්‍යංශය සඳහා ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේදීද  විශාල මුල්‍යමය පාඩුවක් සිදුවූ බව  මෙයට පෙර අනාවරණය විය.

 

 



අදහස් (4)

අමාත්‍යංශයට කුලියට ගත් ගොඩනැඟිල්ලට කෝටි දෙකක් වැඩිපුර ගෙවලා

යෝගා Sunday, 06 February 2022 01:32 PM

ඔය එළිවෙන්නේ යහපාලන හොරුන්ගේ වැඩ කිඩ... අර රන්ජන් මේවාට මොනවත් කිව්වේ නෑනේ...!

:       7       17

fairoosSunday, 06 February 2022 05:39 PM

අනේ යෝගා ඔයා හිතනවද මේ ආණ්ඩුව හොඳටම කරනවා කියලා... එහෙනම් ඔයා නියම බයියෙක්...

:       9       8

පැරකුම් Sunday, 06 February 2022 05:20 PM

ඇමැතිවරයාගේ කැමැත්ත හා නියෝගය මත මේ අයථා ගණුදෙණුව සිදුකර ඇති බව පැහැදිලි බැවින් ඔහුට විරුද්ධව නීතිමය පියවර නොගන්නේ කවර හේතුවක් නිසාද?

:       0       16

sharm warn Monday, 07 February 2022 10:30 AM

සභාපතිට ගෙව්ව එකේ අනිත් පංගුව වගේ... ලක්ෂ 8 කීදෙනෙක් අතරේ බෙදුණද කියලා හිතනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site