IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


අබුඩාබියේදී ගැබිනියන් වූ 100ක් හෙට උදෑසන ලංකාවට එති


(විනීතා එම් ගමගේ)

අබුඩාබියේ රැකියා සදහා ගොස් සිටි 275 දෙනෙකු හෙට (17) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එම පිරිස අතරේ ගැබිණි කාන්තාවන් සියදෙනෙකු හා රෝගී තත්ත්වයෙන් පසුවන කාන්තාවක ද සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

අබුඩාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතරින් මෙරටට පැමිණීමට බලාපොරොත්තු වන පිරිස් පසුගිය දිනවල එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ලියාපදිංචි කරගත් අතර 1200  කට ආසන්න පිරිසක් එහි ලියාපදිංචි වී තිබිණි.

එයින් මූලිකත්වය දුන් ගැබිණි මව්වරුන් හා රෝගී තත්ත්වයේ සිටින පිරිස් මෙසේ අද ගෙන්වනු ලබන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.



අදහස් (29)

අබුඩාබියේදී ගැබිනියන් වූ 100ක් හෙට උදෑසන ලංකාවට එති

Nimal Tuesday, 16 June 2020 05:23 PM

සාමාන්‍යයෙන් ලංකාවෙන් යද්දී වෛද්‍ය පරීක්ෂණ පවත්වා සුදුසු අය විතරක් නේද ගෘහ සේවය සඳහා යොදවන්නේ? ගර්භණී අය යවන්නේ නෑ නේද? එහෙම නම් එහිදි ගර්භනී බවට පත් වුණාද?

:       201       13

DarmasiriWednesday, 17 June 2020 06:58 AM

ඔබ මොලය උඩ ඉඳගෙන වගෙයි.. අබුඩාබියේ වැඩකරන සියලු ලාංකික කාන්තාවෝ ගෘහසේවිකාවන්ද? ලක්ෂ 3, 4 පඩි ගන්න රැකියා කරන ලාංකිකයින් ඉන්නවා මෙහේ...

:       7       221

janahitha UAEWednesday, 17 June 2020 08:49 AM

ගෘහ සේවයක් පමණක් නොවේ.. අනෙකුත් රැකියා කරන දූ දරුවන් පවුල් පිටින් මෙහි සිටිනවා... ප්‍රමාණ සමීක්ෂක ඉංජිනේරු හෝටල් ක්ෂේත්‍රයේ රුපියල් 5000 සිට මිලියන 5 දක්වා මාසෙකට පඩි ගන්න අය ඉන්නවා රටේ අය දන්නේ නැහැ. ඕන්න ඕකයි තත්වේ.

:       7       84

chinthakaWednesday, 17 June 2020 09:19 AM

අනේ අපි නොදන්න ඩුබායි... මෝඩ අරාබි කාරයින්ගේ රට... පැට්‍රල් විකුණාගන්න බැරිවුණු දවසක ඔය ඔටුවෝ අපේ රටටත් එන්න ගනියි ජොබ් හොයාගෙන... මම ගන්නවා අරාබි කාරයන් 3 දෙනෙක් වත්ත සුද්ද කරන්න. පිරිමි දෙන්නෙක් කුස්සියේ වැඩට...

:       126       8

අබරන් ආතා Wednesday, 17 June 2020 09:53 AM

බොරු කියන්න එපා ළමයෝ, ඔය ප්‍රමාණද මොනවද සමීක්ෂණ රස්සා කරන්නේ කීයෙන් කී දෙනෙක්ද? ඇරත් ඔය මොන සමීක්ෂණද කරන, ලක්ෂ ගණන් කාසි ගන්න ඔහෙලගේ අඹුදරුවන් කවදාවත් තානාපති කාර්යාල හරහා මෙහෙම ආණ්ඩුවේ වියදමින් එවනවායැ? කාවද ඔහේ ඔය රවට්ටන්න හදන්නේ?

:       54       230

Kuma Wednesday, 17 June 2020 12:32 PM

එහෙනම් ඇයිද ඔයාලා මෙහෙට එන්නේ?

:       0       6

Mr Don Tuesday, 16 June 2020 08:00 PM

බොහොම ස්තුතියි.

:       0       7

Helen Wednesday, 17 June 2020 04:42 AM

ජාතියක් වශයෙන් අප ලැජ්ජාවට පත්විය යුතු කරුණක්. අපි මව්වරුන් සහෝදරියන් සහ බිරින්දෑවරු මැදපෙරදිග අවලමුන්ගේ වහලුන් බවට පත් කර ඇතිවා නොවේද?

:       78       243

kanthi Wednesday, 17 June 2020 05:01 AM

“අබුඩාබියේ රැකියා සඳහා ගොස් සිටි 275 දෙනෙකු ශ්‍රී ලංකාවට“ වගේ මාතෘකාවක් දැමමා නම් හොඳ නැද්ද?

:       3       422

ඩිලාන් Wednesday, 17 June 2020 06:18 AM

ඇයි සත්‍ය වසන්කර යුත්තේ? කාවද ඔබට ආරක්ෂා කරගත යුත්තේ? ඇත්ත ඇති සැටියෙන්ම පල කරනලද "ලංකාදීප පුවත්පතට" අපගේ ප්‍රණාමය.

:       323       83

keerthiWednesday, 17 June 2020 08:37 AM

සත්‍ය කරුණු කාර්යාංශය දැනගත යුතුයි. ඒ අය ඒ සඳහා වැඩකළ යුතුයි. අහිංසකයින්ගේ සල්ලි විතරක් අරන් බිල්ලට දීලා බලන් ඉන්නේ නැතුව...

:       1       56

ඩිලාන්Wednesday, 17 June 2020 10:10 AM

බොරු කිඹුල් කඳුළු ඕනේ නැහැ. තමුන්ගේ සහෝදරියකට ඔය දේම වුණාම වේදනාව තේරුම් ගන්න..

:       0       5

Jeyaraje Wednesday, 17 June 2020 05:31 AM

ඔයාලගේ කමෙන්ට්ස් දැක්කම හරිම කණගාටුයි.

:       2       48

MISHAL-MATARA Wednesday, 17 June 2020 05:37 AM

ගොඩක් ශ්‍රී ලංකික පවුල් පිටින් එහේ ජීවත් වෙනවා.

:       2       71

කේ.එස්.ජී. අතපත්තු Wednesday, 17 June 2020 05:53 AM

පවුල් පිටින් එහි ගොස් රැකියා වල නිරත වන අයත් සිටිනවා.

:       2       46

Rihan Wednesday, 17 June 2020 06:29 AM

අපේ සහෝදරියන්ට අවමන් කරන්න එපා...

:       2       25

FarookWednesday, 17 June 2020 10:13 AM

අනුන්ගේ වහල් වැඩට තමාගේ සහෝදරියන්ව, අම්මලාව යවන්නේ නැතිව ඉන්න..

:       0       19

Banda Wednesday, 17 June 2020 12:34 PM

තමන්ගේ සහෝදරියන් රට නොයවා හිටියානම් නේද වඩා හොඳ?

:       0       8

Siva Wednesday, 17 June 2020 07:01 AM

සම"හරක්" ගේ හිතේ තියෙන දේ කමෙන්ට්වලින් පේනවා. උඩින් පල්ලෙන් කියවා බලා අපහාස කරන්නේ තමන්ගේම රටේ සොහොයුරියන් පිරිසකට බව වටහා ගන්නවත් තරම් මොලයක් නොතිබීම කණගාටුවට කරුණක්...

:       4       82

swarna hanauer Wednesday, 17 June 2020 07:48 AM

අපේම අය අපේම මිනිසුන් පිළිබඳව හිතන හැටි කණගාටුවට කරුණක්...

:       3       20

janahitha UAE Wednesday, 17 June 2020 08:53 AM

මෙම රටේ නීති ඇති සැටියෙන්ම ක්‍රියාත්මක වෙනවා.

:       1       19

SANATH - UAE Wednesday, 17 June 2020 09:52 AM

මේ අය හිතාගෙන ඉන්නේ මැදපෙරදිග වැඩට යන හැමෝම ගෘහ සේවයට යන්නේ කියලා. ඉහළ වෘත්තීන් කරන කාන්තාවන්, ස්වාමියා රැකියාවක් කරන ෆැමිලි වීසා තියෙන පවුල් සහ පාසල් යන දරුවන් කොපමණ අය ඉන්නවද? අනික ඔය කාන්තාවන් සියල්ල සිංහල අය විතරයිද? එක එක රටවල්, එක එක ජාති, එක එක ආගම්, එක එක පාට, එක එක භාෂා කතාකරන විවිධත්වයක් තියන පුද්ගලයෝ මෙහෙ ඉන්නවා. හැමෝමත් එක්කම අපි හොඳින් ඉන්නවා. එ්ක ලෝකේ හැටි. මෙලෝ හසරක් දන්නේ නැති බයියන්ට කව්රුහරි ඔවුන් මවාගෙන ඉන්න ලෝකයට වඩා සැබෑ ලෝකය ලොකුයි කියලා කියලා දෙන්න. නැත්තම් අපට ජීවත් වෙන්න ලංකාවක් ඉතුරු කරන එකක් නැහැ..

:       13       181

dilanWednesday, 17 June 2020 02:49 PM

මේ සහගහන අපරාධ වලට පාර කපපු අයට පේන්නේ නැද්ද... මුළු ලෝකෙම දන්නා මේ රටවල ඉන්න අයට සුදුහුණු ගාන්න දඟලන දැඟලිල්ල....?

:       0       0

නිමල් ජයතිලක Wednesday, 17 June 2020 11:33 AM

මෙය ඛේදවාචකයකි. ඉතා ඉක්මනින් මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වේවා... !!!

:       0       12

Pradeep Wednesday, 17 June 2020 06:04 PM

මැද පෙරදිග සේවය කරනා සියළු දෙනා ගෘහ සේවක සේවිකාවන් බව සිතා සිටිනා අපගේ බුද්ධිමත් ජනතාවට විනාඩියක නිශ්ශබ්දතාවයක්...!!!

:       0       69

පෙරේරා Wednesday, 17 June 2020 10:45 PM

මැදපෙරදිග සේවය කරන ගණන ලක්ෂ 16 කි. එක පවුලකට ආසන්න ලෙස 4 දෙනකු සිටියහොත් එම ආදායමෙන් යැපෙන්නන් ගණන ලක්ශ 64 කි. එනම් ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකක් කෙලින්ම යැපෙන්නේ මැදපෙරදිගින් උපයන මුදලිනි. මීට අමතරව වක්‍රව රට උපයන ආදායම අපමණයි. මේ අයට ලංකාවේ ඉඳන් කළහැකි දෙයක් නැත. ලංකාවේ ඇති ස්වභාවික සම්පතක් නැත. පොළව නිසරුය. වවන දේ දැනටත් විකිණීමට නොහැකිව ඉතිරී වී සිටින්නන්ද වහබොති. කළහැකි එකම දේ තේ නෙලීම, රබර් කැපීම හෝ වැඩවසම් කාලේ මෙන් බැලමෙහෙවරකම් හෝ හිඟාකෑම පමණි. රටේ කුඩා, මධ්‍යම පන්තියටද මේ අය සේවය සඳහා යොදා ගත නොහැකිය. හෙට මේ සියලු අය මැදපෙරදිගින් පැන්නුවොත් කෙරුවාව බලාගත හැක. මේ ටික ලිව්වේ ලංකාවේ කාන්තාවන් මැදපෙරදිග යවන්නේ ඇයි කියා ප පණ්ඩිත කතා කියන්නවුන් සඳහාය. දේශපාලකයින්ට දොස් කීමෙන් පලක් නැත. 1948 සිට රටතුළ ඇති අසමගිය හා යුද්ධය මේ සඳහා බල පෑ අතර තවදුරටත් මෙය ගියහොත් ලංකාවේ සහෝදරියන්ට සදාකාලිකව මැදපෙරදිග සේවය කිරීමට සිදුවිය හැකිය.

:       0       33

Ruwan RThursday, 18 June 2020 07:44 AM

නොදන්න හින්දා අහන්නේ... මැද පෙරදිග පොළව ගොඩක් සරුද?

:       5       1

අප්පුහාමි මාමා Friday, 19 June 2020 05:28 AM

එතකොට ඔය ළමයින්ගේ තාත්තලා ලංකාවට එන්නේ නැත්ද ?

:       0       208

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සබරගමු නවක වද සිද්ධියට සිසුන් හතරක් අත්අඩංගුවට
2025 මැයි මස 04 213 0

සබරගමුව සරසවි සිසුවාගේ මරණයට ඔහුට නවකවදය දුන් බව කියන සිසුන් සිසුන් සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය


ඡන්දය දෙන්න කතිරයක් පමණයි
2025 මැයි මස 04 287 0

පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ල


ජනපති අග්නිදිග ආසියාවේ ලොකුම පන්සලට යයි
2025 මැයි මස 04 462 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන වලින් එකක් වන බායි ඩිං (Bai Dinh)


කළුතර මහ නගර සභා අපෙක්ෂක බන්දුල ප්‍රසන්නට වෙඩි තබයි
2025 මැයි මස 04 4255 0

කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ජනපති-වියට්නාම් කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන ලේකම් හමුවක්
2025 මැයි මස 04 306 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස


දැරියක් අපයෝජනය කළැයි තවත් අපේක්ෂකයෙක් අල්ලයි
2025 මැයි මස 04 1557 0

අවුරුදු දාහතරයි මාස හයක් වයසැති දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු සැකපිට අත් අඩගුවට ගත්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 651 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 169 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1194 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site