
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ කුරුඳු, ගම්මිරිස්, එනසාල්, සාදික්කා වැනි කුළුබඩු සඳහා පවතින සන්නාම ජාත්‍යන්තර වෙළෙදපොලේ ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට දැනුම් දුන්නේය.
ලෝක වෙළෙඳ සංවිධානයේ නියෝජිතයන් සහ කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට එළඹිණි.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ වනවිටත් ශ්‍රී ලංකාවේ කුළුබඩු සදහා ලෝකයේ විශාල ඉල්ලුමක් පවතින අතර ලාංකික කුළුබඩු වල ගුණාත්මකභාවය රැක ගැනීම සඳහා රජය ලෙස සියලු පියවර ගෙන ඇති බව සඳහන් කළේය.
මෙහිදී අදහස් පළ කළ UNIDO නියෝජිත පිරිස කීවෙි ශ්‍රී ලංකාවේ කුරුඳු හා ගම්මිරිස් සඳහා පවතින ඉල්ලුම විශිෂ්ට බවයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.