IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අප්පිරියා නිසා පත්වීම ගත්තේ අහක බලාගෙන

(ඩයනා උදයංගනී)

ජනාධිපතිවරයා අතින් ඇමතිවරයකු ලෙස පත්වීම ලබාගන්නා විට අප්පිරියාවක් ඇතිවූ බවත්, එම අවස්ථාවේ ඔහු සමඟ වචනයක් හෝ කතා නොකර ඉවත බලාගෙන පත්වීම් ලිපිය ලබාගත් බවත් ඉඩම් හා සංචාරක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

තමන් අමාත්‍යධූරය ලබාගන්නා අවස්ථාවේ ඡායාරූපයක්වත් නැත්තේ ඒ නිසා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අප්පිරියාව නිසා රට වැටෙන තුරු බලා සිටීම ඊටත් වඩා අප්පිරියාවක් බැවින් ආසයි බයයි කියමින් නොසිට රට වෙනුවෙන් තීරණයක් ගත් බව කී ඇමතිවරයා ගෝඨාභය ජනාධිපතිවරයා ගෙදර යා යුතුය යන තම ස්ථාවරය දශමයක්වත් වෙනස් වී නොමැති බව ද කීවේය.

මේ අවස්ථාවේ කළ යුත්තේ සර් පාස් කිරීමට වඩා රට පාස් කිරීම බව කී ඇමති හරීන් ප්‍රනාන්දු මහතා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉවත්කිරීම කළ යුතු ආකාරය ඇතුළු කරුණු 7ක් සම්බන්ධයෙන් ඇමතිධූරය ලබාගැනීමට පෙර අගමැතිවරයා සමඟ සාකච්ඡා කළ බව ද පැවසීය.

ඇමතිවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද (20) පැවති විශේෂ මාධ්‍ය  හමුවක් අමතමිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියට කොන්ද කෙලින් තබාගෙන ගොස් කතා කිරීමට හා බැණ වැදීමට තමාට අදටත් හැකියාවක් ඇතැයි ද හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

වත්මන් අභියෝගය සජිත් ප්‍රේමදාස මහතා භාරනොගත් අවස්ථාවේ එය භාරගත් රනිල් වික්‍රමසිංහ මහතාගේ කකුලෙන් අදින ප්‍රතිපත්තියක තමන් නොමැති බව කී ඇමතිවරයා ආණ්ඩුවට එක්වීමේ තම තීරණය හදවතින් ගත් එකක් බවත්, කලකදී විවේචනය කළ අය සමඟ එක් කැබිනට් මණ්ඩලයක අසුන් ගැනීම පහසු කටයුත්තක් නොවන බවත් කීවේය.



අදහස් (51)

අප්පිරියා නිසා පත්වීම ගත්තේ අහක බලාගෙන

සුජිත් පල්ලේවත්ත Friday, 20 May 2022 06:22 PM

මෙයාගේ පච ගැන දැනගත්තු නිසා වෙන්න ඕනා මෙයාට හොරෙන් චායාරූප අරගෙන තියෙන්නේ.

:       3       167

GamunuSaturday, 21 May 2022 07:56 AM

අවංක, බුද්ධිමත්, රටට වෙනසක් ලබාදීම වෙනුවෙන් කැපවන අලුත් පිරිසක් ඉදිරි මැතිවරණයේදී පාර්ලිමේන්තුවට පත් කරගනිමු. එම වෙනස ලබාගැනීමට නම් සියලු ශ්‍රී ලාංකිකයින් අමිහිරි, අඳුරු අතීතයන් අමතක කර මනුෂත්වයට ගරුකරමින් මැද මාවතට (මධ්‍යම ප්‍රතිපදාව) පැමිණිම සියලු දෙනාගේම ජයග්‍රහණය වනු ඇත. මේ වනවිට ශ්‍රී ලංකාවට අනාගතයක් නොමැතිවා පමණක් නොව ලෝකයා ඉදිරියේ කිසිඳු පිළිගැනීමකට ලක්නොකරන රටක් බවට පත්වෙමින් පවතින රටේ අනාගතය වෙනස්කළ හැකිවන්නේත් ශ්‍රී ලාංකිකයන් වන අපටම පමණි. ලෝකයේ වෙනත් රටවල් දියුණු කිරීමට හැකිනම් ලංකාවද දියුණු කිරීමටද හැකියාව පවතී. ඒ සඳහා සියලු දෙනාගේම අවංක කැපවීමක් අත්‍යාවශ්‍ය වේ.

:       2       38

BamunuarachchiSaturday, 21 May 2022 02:36 PM

මේ හාදයා කාටද මේ බොරු කියන්නේ? මෙයා කියන කිසිම දෙයක් විශ්වාස කරන්න බැහැ...

:       9       37

DonSaturday, 21 May 2022 06:35 PM

ඇයි මේ හරීන් ඇඳුමක්වත් නැතිව පත්වීම් ගන්නේ? වහාම මෙයාට ඇඳුමක් අන්දන්න. අපිටත් ලැජ්ජයි.

:       2       27

Prabha Friday, 20 May 2022 06:32 PM

අප්පිරියාවට හිනාවෙන කෙනෙක් දැක්කාමයි.

:       2       24

චානක Friday, 20 May 2022 06:49 PM

අපිට නම් පේන්නේ හිනාවෙනවා...

:       2       17

MO77 Friday, 20 May 2022 06:53 PM

ගෝඨාභයට ඕනෑ වෙලාවකම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් දාගන්න පුළුවන්... රනිල් කරන්නේ කොන්ත්‍රාත් එකක්. බැඳුම්කර බේරෙන්නයි, රාජපක්ෂලා හොරකම් වලින් බේරෙන්න කරන ඩීල් එකක්. දැන් තියෙන ආර්ථික ප්‍රශ්න පොඩ්ඩක් ලෙහා ගත්තු හැටිය මහින්ද ආයිමත් අගමැති... නැත්නම් බැසිල්, නැත්නම් නාමල්....

:       4       16

යෝගා Friday, 20 May 2022 07:15 PM

මේ ගොල්ලන්ගේ මුලු ජීවිතේම බොරුවක්... වගකීම් බාරගත්ත එක අගය කරනවා. නමුත් ඔය තරම් බොරු කියන්න එපා..

:       1       14

Cisco Friday, 20 May 2022 07:28 PM

බොරු කාරයෙක්... තවත් අපිව අන්දන්න හදන නළුවෙක්...!

:       1       18

Ajantha Friday, 20 May 2022 08:05 PM

දන්න කෙනෙක් කියලා දෙන්න මට අප්පිරියාව කියන්නේ මොනවගේ දෙයක්ද කියලා ප්ලීස්...?

:       1       13

Soma dubai Friday, 20 May 2022 08:08 PM

ඒ බව පැහැදිලිව පෙනෙනවා...

:       1       12

Buddika Friday, 20 May 2022 08:19 PM

අහක බලාගෙන නෙවෙයි, හොඳට හිනාවෙලා මුහුණ බලාගෙන පත්වීම ගත්තේ ස්තුතියි කියලා... අපි දැක්ක විදිහට හරීන් සහ මනූෂ දෙන්නම ඇඳුම් ඇඳලා හිටියේ නැහැ.. ලැජ්ජාවක් තිබ්බේ නැහැ..

:       1       16

Sas Friday, 20 May 2022 08:32 PM

අප්පිරිය නම් ඇමති කම ගත්තේ ඇයි ? අප්පිරිය කම හොදට පේනවා මූනේ තියෙන සිනහවෙන්?

:       4       198

ab Friday, 20 May 2022 08:46 PM

කඩපිලේ, ඉන්ධන, ගෑස් සහ කිරිපිටි පෝලිම්වල මේවන විට පැය ගණනින් කාලය ගතකරන රටේ පීඩිත ජනතාව පවතින දුෂිත දේශපාලනය අවසන් කර නව දේශපාලන යුගයක් රටට අවශ්‍ය බව මේවන විටත් තීන්දු කරතිබේ. පුරවැසියන් බලා සිටින්නේ එම දිනය එම අවස්ථාව ඔවුනට උදාවන තුරුය.

:       4       126

Praba Friday, 20 May 2022 08:46 PM

අනේ පව් අප්පා. කොච්චර කැප කිරීමක් කරන්න ඕනෙද ඇමතිකමක් ගන්න

:       2       131

කිරිපුතා Friday, 20 May 2022 08:59 PM

මොහුගේ අදහස් නිවටය. ඔහු ඇමතිධූරයට නොසුදුසු වග පෙනේ.

:       5       168

Thilina Friday, 20 May 2022 09:10 PM

මේ වගේම තමයි මේ මිනිහගේ වැඩත්.. කරන්නේ තනිකරම රඟපෑමක් . කිකියන්නේ එකක්.කරන්නේ එකක්. අපි හොඳටම දැක්කා ටීවී එකේ තෑතෑන්කූ සර් ගාගෙන ඇඹරීලා පත්වීම ගත්තු හැටි. තවත් ලැජ්ජා නැතුව බොරු බේගල් කියන කැත

:       3       133

නිහාල් Friday, 20 May 2022 09:15 PM

බොරුවට මිනිස්සු රවට්ටන්න එපා.ඒ අවස්ථාවේ වීඩියෝ එක දැක්කාම අපිට තේරෙනවා ඇත්ත තත්වය.

:       3       124

mp Friday, 20 May 2022 09:24 PM

හරිම අසංවර වාචාලයෙක්.

:       5       142

Malika Friday, 20 May 2022 09:50 PM

සර් ෆේල් කියපු කටින්ම සර් පාස් කියන්න පුලුවන් දැන් ඔබට. ලැජ්ජයි.

:       4       117

මහසෙන් Friday, 20 May 2022 10:00 PM

අප්පිරිය කමේ තරම කියන්නේ ඔලුවයි කොන්දයි දෙකම ටිකක් පාත් වෙලා.ඔක්කාරෙට එන්න ඇති.

:       3       117

Siri Friday, 20 May 2022 11:42 PM

බැලුවාම පේනවා.. අහක බලාගෙනද? අප්පිරියාවෙන්ද ලියුම ගත්තේ කියලා... තාම අපිව පැදගෙන යන්න තමයි අරගෙන තියෙන්නේ..

:       2       10

විපරමා Friday, 20 May 2022 11:43 PM

දේශපාලුවෝ කියන්නේ කිසිම ලැජ්ජාවක් නැති බලලෝභී, බඩගෝස්තරවාදී අවස්ථාවාදියන්. තමුන්ගේ වාසියට, පැවැත්මට එහෙට මෙහෙට පනින රිලවුන් වගේ කොටසක්. මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න පැනපු අයගේ කෙරුවාවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

:       1       11

Amitha dasanayake Friday, 20 May 2022 11:49 PM

ඔයා අහක බලාගෙනද ඉන්නේ...? ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි.

:       2       12

Bambi Saturday, 21 May 2022 12:26 AM

ගත්තා නම් කටවහගෙන ඉන්නකෝ තව බොරුත් කියන්නේ.... ලැජ්ජාවක් නැති හැටි. පහුගිය දවස්වල ගෝඨාභය මහත්තයාට පලුයන්න බැන්නා. දැන් දෙකට නැමිලා පත්වීම් ගන්නවා. මේ කවුද මන්දා... මේ වගේ අය ඇමැතිකම් වලට දාගෙන රටක් හදන්න පුළුවන්ද?

:       2       16

chandima Saturday, 21 May 2022 12:47 AM

මෙයා මේ විකාරයක් කියනවා. අසූචි කන කෙනා, අහක බලාගෙන වුණත් කන්නේ අසූචිමයි..!

:       2       19

ජගත් ලියනගේ Saturday, 21 May 2022 01:08 AM

‘‘තෑන්ක් යූ සර්‘‘ කියන එකේ තේරුම අප්පිරියයි කියන එකද?

:       2       14

Bandara Saturday, 21 May 2022 01:09 AM

මෙව්වා බලාගෙන ඉන්න බැරිව පත්වීම ගත්තා. ඒත් පාස්කු බෝම්බය පිපිරෙනකන් බලාගෙන හිටියා ඇඳ යටට වෙලා..

:       2       18

Balasuriya Saturday, 21 May 2022 01:40 AM

පින්තූර බොරු නොකියයි. හැමදාමත් බලන්නේ ජනතාව රවට්ටන්න.

:       2       11

පිටරැටියා Saturday, 21 May 2022 02:01 AM

ඇමැති පත්වීම ගත්තු හැටි ලෝකෙම දැක්කා. දේශපාලුවන් කවද්ද ඇත්තක් කිව්වේ? ලැජ්ජයි...

:       2       10

දාස Saturday, 21 May 2022 04:08 AM

මේ යක්කු කියන දේවල් සත පහකට ගනන් ගන්න එපා. මෙයාලාට ඕන තනතුරු. හැබැයි කට ඇරියොත් ලොකු ටෝක්ස්. දැන් රටම දැක්කා බොරු කාරයින් කියලා. මුනුත් එකයි... උනුත් එකයි.

:       2       11

Aussia Saturday, 21 May 2022 04:33 AM

මේ ඔක්කොම වැරැදි කාරයින්... එකපාරක් අපේ ලස්සන රට විනාශ කළා.. ඔවුන් ගැන ලැජ්ජයි..

:       2       11

ranjith Saturday, 21 May 2022 04:49 AM

මේ වගේ අවස්ථාවාදීන් දකින්න අපිටත් අප්පිරියයි...!

:       2       9

Deepal Nirosh Saturday, 21 May 2022 06:51 AM

අනේ මන්දා මේ පින්තූර දැක්කාම හිතට දැනුණු අප්පිරියාව නිසාමයි... මේ අදහස ප්‍රකාශ කළේ...!

:       2       24

Dasun Saturday, 21 May 2022 07:43 AM

ඔයාට ඔච්චර අප්පිරියයි නම් ඉල්ලා අස්වෙලා උගත්, බුද්ධිමත් මහබැංකු අධිපති වගේ මනුස්සයෙක් ඔතැනට එවන්න. මොකද මාරුවෙන් මාරුවට දෙගොල්ලන්ම කරේ රට විනාශය කරා ගෙනිච්චි එක විතරයි. මහජනතාව 225 ටම ගෙදර යන්න කියන්නේ අන්න ඒ නිසා..

:       2       17

NAK Saturday, 21 May 2022 08:47 AM

අපිව මුලාකරමින් මෙයා කරන්නේ අපේ ඇස් රැවටීමක් නේද?

:       2       13

siri Saturday, 21 May 2022 08:58 AM

මේකද සර්ව පාක්ෂික කියන්නේ...! සර්ව පාක්ෂික කියන්නේ පක්ෂයේ නායකයන් එක්ක සාකච්ඡා කරලා තීන්දු තීරණ ගන්න එක නේද? නායකයනිට හොරෙන් කරන මේ වැඩ නිසා මේ ආණ්ඩුව අන්තර්ජාතික වශයෙන් පිිළිගැනීම තවත් හීනවෙනවා නේද?

:       4       20

Duminda Saturday, 21 May 2022 09:06 AM

ඒ බව පේනවා පින්තූරෙන්... කොච්චර අප්පිරියාවකින්ද හිටියේ කියලා...?

:       2       20

Chinthaka Saturday, 21 May 2022 09:08 AM

මේක තනිකරම අවස්ථාවාදී වැඩක්.. ගියපාර ඡන්දයෙන් පැරදිච්චි කෙනෙක්. මෙයාලාව පාර්ලිමේන්තුවට නොයවන්න තව සැරයක් ජනතාව දැනගන්න ඕනේ.

:       2       17

විමල හිමි Saturday, 21 May 2022 10:22 AM

මේවා නම් ජනතාව රවටන විහිළු කතා. දේශපාලනයේදී තිබිය යුත්තේ පුද්ගලික තරහ විරෝධයට වඩා ප්‍රතිපත්තිමය එකඟතාවයන් හා සාමූහික අරමුණුයි. රට ප්‍රපාතයකට වැටුණු මොහොතේ පක්ෂ දේශපාලනයට වඩා ඉහළින් රට ගැන සිතීම සැමගේ වගකීමයි...!

:       2       13

Kumara Saturday, 21 May 2022 12:28 PM

අරගලයේ කොල්ලොත් එක්කගහපු ඩීල් එක අමතක කරලා. වෙන වෙන ගේම්වලට ගියොත් බේරෙ වැවේ දරුපවුල් එක්කම ඉන්න තමයි වෙන්නේ...

:       2       12

Rata Perata Saturday, 21 May 2022 12:55 PM

මෙයා මේකට තමයි සජි්තුත් ඇදගෙන එළියට ඇවිල්ලා UNP එකට කළේ. කට ඇරියොත් බොරු තමයි කියන්නේ...

:       2       13

s.bulathsinhala Saturday, 21 May 2022 01:55 PM

මෙයාව පාර්ලිමේන්තුවෙන් පන්නා දාන්න.

:       2       15

de silva Saturday, 21 May 2022 04:17 PM

අර කලු සාටකේ දැන් ගලවලාද? රංජන් නිදහස් කරගැනීම අමතක වෙලාද? මෙයා ටාගට් කළේ ලබන ඡන්දෙට ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැටෙන රංජගෙ මනාප ටික මිස රංජන් එළියට ගැනීම නොවේ. රංජන් ඔබ වීරයෙකි. ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රිස්තියානි ඡන්ද දායකයන් බයියන් නොවේ බහුතරයක් හොඳට ඉංග්‍රීසි කතාකරන්න දන්න ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන උගත් මිනිස්සු බව අමතක කරන්න එපා..

:       3       2

de silva Saturday, 21 May 2022 04:26 PM

කකුලෙන් අදින්න නෙවෙයි, බෙල්ලෙන්ම අල්ලලා දෙකක් දෙන්න ඕනේ... බලාගෙන ගියාම 2014 දී රාජපක්ෂලාගේ හොරකම් අල්ලන්න පොරොන්දු වෙලා, 2015 දී යටින් ඩීල් දමලා විජේදාස සමග එකතුවෙලා රාජපක්ෂලාගේ නඩු අල කිරීමට මහ මොලකරු වශයෙන් කටයුතු කරලා තිබෙන්නේ රනිල් බවට විශාල සාධාරණ සැකයක් රටේ ජනතාවට පෙනෙනවා. කවදා හරි දිනෙක ඡන්දයකින් සාටක නඩය ගෙදර යවනකොට රනිල්ගේ එජාපෙ සහ කලු සාටක නඩෙත් ගෙදර යවන්න ඕනේ. 3% වත් දෙන්න හොඳ නෑ. ඒක දුන්නොත් ඇවිත් ඩීල් දමලා අපිව හූරා කනවා. අපි පෝලිම්වල දුක් විඳින්නේ මේ ඩීල් කාරයින් හින්දා ... විපක්ෂය හරියට කෙළින් හිටියා නම් රාජපක්ෂලාට මෙතරම් විනාශයක් කරන්න හම්බවෙන්නේ නැහැ.

:       1       9

ගමේ එකාලා Saturday, 21 May 2022 04:57 PM

මෙයාගේ දෙබිඩි රඟපෑම් නිසා දැන් මුලුමහත් ජනතාවම අප්පිරියා වෙලා?

:       1       11

siri Saturday, 21 May 2022 07:06 PM

පත්වීම් ලිපිය ගන්නකොට දෙකට නැමිලා වැඳලා " තැනක් යූ සර් " කියනවා වීඩියෝ එකේ හොඳට පෙනෙනවා. එළියට ඇවිල්ලා කෙබර දෙසාබානවා. පින් මන්ත්‍රී කම හන්දා හොඳයි. ඡන්දයක් ඉල්ලන්න ගමට නම් යන්න හම්බවෙන එකක් නැහැ ගොයියෝ... මේ ප්‍රවෘත්තියට ලැබිලා තියෙන ප්‍රතිචාර කියෙව්වොත් බිම් මට්ටමේ සැබෑ තත්වය දැනගන්න පුළුවන්...!

:       1       12

fairoos Sunday, 22 May 2022 12:08 PM

අපිටත් දැන් ඔබතුමා අප්පිරියයි...!

:       1       5

Marikkar Monday, 23 May 2022 12:15 PM

මෙම අපූර්ව ඡායාරූප පළකිරීම ගැන ලංකාදීපයට ස්තුතියි...!

:       0       1

Marikkar Monday, 23 May 2022 12:17 PM

ජාතික ලැයිස්තු වරප්‍රසාදයෙන් පාර්ලිමේන්තුවට පැමිණි දේශපාලන පිම්පියෙක්...

:       0       0

chandana Monday, 23 May 2022 02:51 PM

ඔයා අහක බලාගෙනද ඉන්නේ...? ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1230 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 550 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 474 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 288 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 505 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 474 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site