
(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක ලිංගික හිංසනයට ලක් කිරීමට විරෝධය පළකරමින් ඇරැඹු වර්ජනය අද(13) අවසන් කිරිමට පියවර ගත්බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා පැවසිය.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා සමඟ පළාත් සභා සංකීර්ණයේ අද (13) පැවති සාකච්ජාවෙන් අනතුරුව මෙම තිරණය ගත්බවත් වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා පැවසිය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරක්ෂාව තහවුරු කිරිමට පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගන්නා බවට ආණ්ඩුකාරවරයා මෙහිදි පොරොන්දු විමේ හේතුවෙන් වර්ජනය නිම කොට වෛද්‍යවරු රාජකාරියේ නිරත වන බ වත් හෙතෙම වැඩිදුරටත් පැවසිය.
COMMENTS
මොවුන්ට රටේ ජනතාවගේ බදු මුදලින් වැටුප්-දීමනා ගෙවන හින්දානේ මේ ඔක්කොම ගොං පාට්. රටක වැරැද්දක් හෝ නීති විරෝධී දෙයක් වුණාම, නිරාකරණය කරගන්න ක්‍රමවේදයක් තියෙනවා නේද? හැම එකටම වැඩ වර්ජන මොවුන්ට විතරද? එතකොට මොවුන්ගේ නොසැලකිලිවලින් එකතැන්වෙන සහ එළොව යන රෝගීන් ගැන මොවුන් මොනවාද කියන්නේ..?
උප ලේකම් මීඩියා එකට කතා කරන වීඩියෝ එකක් දැක්කා. ලැජ්ජයි දොස්තර කෙනෙක් කියලා කියන්න.
විද්‍යා දදාති විනයන් කිව්වාට ඒකෙවත් තේරුම නොදන්න, මොලේ උඩ ඉන්න අය. අසරණ රෝගීන් බිල්ලට දීලා හැසිරෙන දොස්තරලා හිතාගෙන ඉන්නේ සදහටම ජීවත් වෙන්න ආපු අය කියලා. ජනතාව සාපකරනවා ඇති...!
ඇයි ඒ සාර්ථක වර්ජනේ නැවැත්තුවේ..? ආණ්ඩුව පෙරරලා දානකම්ම දිගටම වර්ජනය කරගෙන යන්න තිබුනනේ.. මම හිතුවේ දොස්තරලා සංවේදී වුණු තරමටම සල්ලි අරගෙන කරන ප්‍රයිවට් ප්‍රැක්ටිස් නවත්වලා, අර රාජකාරියට පැමිණෙන හා පිටවෙන වෙලාව සටහන් කරන ඩිජිටල් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට බලකරමින් රජයට විරුද්ධව මේ සටන දිගටම කරගෙන යයි කියලයි.. අපේ දොස්තරලාගේ සංවේදීකම දැකලා මට කෑ ගහලා ඇඩුණා.. ලෝකේ අනෙක් රටවල් වල වෛද්‍යවරුන්ට මේ විදිහට සංවේදී වෙන්න ඇයි බැරි කියලයි මම අහන්නේ..?