
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගෙන ආරක්ෂාව සැලසීම පැහැර හැර තිබූ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(12) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.
රෝහලේ නිසි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී නොතිබූ හෙයින් ඕනෑම අයෙකුට රෝහලට බාධාවකින් තොරව පැමිණීමට අවස්ථාව සැලසී තිබූ බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
රෝහලේ අධ්‍යක්ෂත් දොස්තර කෙනෙක් නේද? එයාට සුදුසුකම් නැ කියලත් කියැවුණා. එහෙම නුසුදුසු කෙනෙක් දැම්මා නම් GOMA එක කට පියන් ඉන්නේ නෑ. අනිවාර්යෙන් එයාව ඔතැනට දාන්න ඇත්තේ GOMA එකම තමයි.
අමාත්‍යංශයේත් රෝහල් වලත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාල සහ පළාත් සෞඛ්‍ය කාර්යාල වලත් පරිපාලනයේ විශාල පංගුවක් වෛද්‍යවරු අත්පත් කරගෙන සිටිනවා. මේවාට වෛද්‍යවරුම අවශ්‍යද කියන එක ප්‍රශ්නයක්. මෙතැනත් පරිපාලනයේ විශාල දුර්වලකමක් තියෙනවා. එක උපදේශක මට්ටමේ සිටින වෛද්‍යවරයෙකුට කොළඹ සහ නුවරඑළිය අතර සතියකට දෙවරක් යාම සඳහා වැඩ පැවරීමක් ඔය අමනෝඥ පරිපාලකයින් කර තිබෙන බව මා දන්නවා. මෙවැනි පරිපාලකයින් කුමටද? අනික වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් පරිපාලනය වැනි දේ වලට යාමෙන්, ලෙඩුන්ට බෙහෙත් කරන්න සිටින වෛද්‍ය ප්‍රමාණය අඩුවෙනවා. මෙවැනි දෑ වලින් වෛද්‍යවරුන්ම කළ කිරෙනවා. ඉතින්, සෞඛ්‍ය පද්ධතිය ගැන කතාකරන විට ඔය පරිපාලන ව්‍යුහය වෙනස් කරන්න කියලා GMOA එක හඬ නැගිය යුතුයි. සෞඛ්‍ය පද්ධතිය ගැන හොඳ අවබෝධයක් තියෙන දක්ෂ පරිපාලකයින්ගෙන් ඔය තනතුරු පිරවීම ගැන හිතීම කාලෝචිතයි. මෙවැනි දෑ වලින් වෛද්‍යවරුන්ම කළ කිරෙනවා. ඉතින්, සෞඛ්‍ය පද්ධතිය ගැන කතා කරන විට ඔය පරිපාලන ව්‍යුහය වෙනස් කරන්න කියලා GMOA එක හඬ නැගිය යුතුයි. ඔවුන්ගේ හඬ කැඳයි, රැවුලයි දෙකම බේරාගන්න.
මේ තත්වයෙන් හොඳටම ප්‍රයෝජනය ගත්තේ වෛද්‍යවරුන් ය. සැකකරුව අඩන්ගුවට ගත්තත් වර්ජනය අත්නොහැරියේ, පසුවදා පැමිණෙන පෝයදිනය නිසායි. හදිසියේ පාත්වූ වාසනාවෙන් ඔවුන් ප්‍රයෝජනය ගත්තේය.
ඔහුට විරුද්ධව නීතිමය පියවර ගන්න.
ආරක්ෂාව සපයන කොන්ත්‍රාත්තුව දීලා ඇත්තේ දේශපාලු හෙංචයියෙකුට වෙන්න ඇති නේද?
අරි අරි දැන් ඔබලා ඒ දේවල් හරියට කරන්නකෝ...! වැරැදිම හොය හොයා ඉන්නේ නැතිව. මේ අවුරුදු 5 අරුන් මේම කරා, මොවුන් මේම කරා කිය කියා ඉඳියි.
රෝහල් ආරක්ෂාව රෝහලෙහි අධ්‍යක්‍ෂක එනම් පරිපාලනයට අයත් දෙයක්. රෝහල් වල අධ්‍යක්‍ෂලා සියල්ල දරන්නේ දොස්තරලාම තමයි. ඉතින් තමන්ගේ සාමාජිකයින්ට විරුද්ධව GMOA වැඩ වර්ජනය කරලා ජනතාව පෙලනවා. මේ ගොල්ලන්ට දොස්තර මේනියාව මිසක් සාමාන්‍ය ජනතාවගේ හද ගැස්ම නැහැ. ලෙඩ්ඩු හෝ රෝහල් හෝ නොමැති නම් මේ ගොල්ලන් දොස්තරකම කරන්නේ කෙසේද?