
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධකරුවන්ට අවධිමත් ලෙස ගමන් බලපත්‍ර සකස් කිරීමට ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහයකයෙකු අත්අඩංගුවට ගත්බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩහපොළ මහ ගෙදර පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම ජාවාරම් විමර්ශන ඒකකය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අපරාධකරුවන්ට පාස්පෝට් හදන්න අනුබල දුන් තවත් අයෙක් අල්ලයි
himal Friday, 13 June 2025 09:25 AM
මම මේ නොදන්න කමට අහන්නේ. පාස්පෝට් හදන්න හැඳුනුම්පතයි, උප්පැන්නෙයි,තියනවා නම් පෝටො අරගෙන අංකයක් ගත්තා නම් පුළුවන් කියලයි මම දන්නේ. එතකොට දැන් පොලිස් වාර්තාවකුත් ඕනෙද මේ කියන විදිහට? මොකද මේ ලියවිලි අරගෙන එන්නේ අපරාධකාරයෙක් කියලා අඳුනා ගන්න ක්‍රමයක් තියෙනවද? එහෙම නැත්නම් යම් අපරාධයකට සැකපිට ඉන්න මිනිහෙක්ට පාස්පෝට් ගන්න තහනම්ද?
රුවන් Friday, 13 June 2025 01:15 PM
ඉස්සර අපි හිතුවේ දේශපාලුවෝ පමණක් පාතාලය එක්ක ඩිල් කියලා, බැලින්නං බහු රාජ්‍ය නිලධාරීන් පවා දුෂිතයි මන්ත්‍රීලාට නොදෙවෙනි ලෙස.
විපරමා Friday, 13 June 2025 01:17 PM
මිනිමරු කොටි කරුණා අම්මාන්වත්, රාාජපක්ෂ ආණ්ඩුව කාලේ හොර පාස්පෝට් එකකින් යූ.කේ වලට එව්වානම් තවත් කවර කතාද ?
පිටරටවැසියා Friday, 13 June 2025 01:41 PM
himal, ඔයා අහපු ප්‍රශ්ණෙට පළමු වාක්‍යයෙන්ම පිළිතුර තියෙනවා. සංවිධානාත්මක අපරාධකරුවන්ට අවිධිමත්ලෙස ගමන් බලපත්‍ර සැකසීමයි මේ අත්අඩංගුවට ගැනීමට හේතුව. තවදුරටත් පැහැදිළි කලොත්, සංවිධානාත්මක අපරාධකරුවන්ට වෙනත් නම් වලින් ගමන් බලපත්‍ර සැකසීමයි.