
(සුජිත් හේවාජුලිගේ)
මහරගම අපේක්ෂා රෝහල සඳහාවූ පරිත්‍යාග ගිණුමේ තිබූ රුපියල් කෝටි හතළිහක අරමුදල් 2022 හා 2023 වර්ෂයන්හිදී කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භාවිත කර නොතිබූ බවජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මේ අතර ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බවද එම වාර්තාවෙ දැක්වෙ
විවිධ ව්‍යාපෘති හතරකට අදාළව මෙම පරිත්‍යාග ලැබී ඇතැයි පැවසෙන්නේ 1998 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා කාලයේදීය.
මේ අතර කොළඹ රීජ්වේ ආර්යා ළමා රෝහලට ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පරිත්‍යාගශීලයකුගෙන් ලැබී තිබූ රුපියල් කෝටියකට වැඩි මුදලක්ද අදාළ කාර්යයන් ඉටු කිරීම සඳහා යෙදවීමට කටයුතු කර නොතිබූ බව එහි සඳහන්වේ.
ලිට්ල් හාට් ව්‍යාපෘතිය යටතේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා මහල් දහයකින් යුතු ගොඩනැගිල්ලක් ඉදිකිරීම හා උපකරණ මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි හැට දෙකකට වැඩි අරමුදල් රැස්කර තිබුණද 2023 වර්ෂයේදී එම මුදලින් වැය කර තිබුණේ රුපියල් කෝටි අටක් පමණක් බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවේය.
COMMENTS
බෙහෙත් ගන්න සල්ලි නැතුව අසරණ රෝගීන් මැරනවා. ඇයි ඒ සල්ලි යොදවල ඒ වගේ ලෙඩ්ඩුන්ට බෙහෙත් අරන් දෙන්නෙ නැත්තේ?
ඔය පරිත්‍යාග වශයෙන් ලැබෙන ආධාර මුදල් ඍජුව ලැබෙන්නෙ රෝහලට. රෝහල් වල අධ්‍යකෂ තනතුර සහ පරිපාලනය හොබවන්නෙ වෛද්‍යවරු. බහුතර දොස්තරල කැමති නෑ රජයේ රෝහල් වල බෙහෙත් තියෙනවට සහ දියුණුවෙනවට. එහෙම උනොත් එයාලගෙ පුද්ගලික රෝහල් වල කරන සැත්කම් බෙහෙත් විකිනීම් ආදිය බහුතරයක් අඩු වෙනව. ඒ නිසා ඕවගෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැතුව අත ඇරල දානව. වැරද්ද දේශපාලකයන්ගෙ විතරක්ම නෙවෙයි. මෙවැනි නිලධාරීනුත් වග කියන්න ඕනි.
රෝහලකට ගියාම දකිනවා අසරණ ලෙඩ්ඩු වින්දින අමාරුව. පරිත්‍යාගශීලීන් දෙන මුදලින් ලෙඩුන්ට අවශ්‍ය බෙහෙත් වගේම අනිකුත් පහසුකම් සළසන්ඩ බැරිකමක් නැහැනේ?