IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


අනුන්ගේ වේදිකාවට නැග්ග තවත් අපෙක්ෂකයෙක් බස්සයි

(හෙන්රි ලයනල්)

ස්වාධීන ජනාධිපති අපේක්ෂක පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා  පොළොන්නරුව පුලස්තිගම 400 නගරයේදී පැවැති සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රවර්ධන ජනහමුවක් අමතමින් සිටියදී අතරමගදී ජන හමුව ඇමැතීම නතර කර වේදිකාවෙන් බැසීමට සිදුවිය.

එසේ ඔහු ​වෙදිකාවෙන් බස්සවනු ලැබුවෙ එම ජන හමුව පැවැත්වෙන අතරතුර යම් පිරිසක් ලබා දුන් තොරතුරක් මත එහි පැමිණි පොළොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරීමේ ඒකකයේ ප්‍රධානි රුවන් රාජශිල්ප මහතා පවතින මැතිවරණ නීති අනුව ජනාධිපති අපේක්ෂකයකුට වෙනත් ජනාධිපති අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කළ නොහැකි බව පැහැදිලි කරදීම හේතුවෙනි.

ඒ අනුව ලබා දුන් උපදෙස් මත සිඩ්නි ජයරත්න මහතාට එම රැලිය ඇමැතීම නතර කිරීමට සිදුවිය.

සජිත් ප්‍රේමදාස මහතාගේ මාතර සහ තංගල්ල ප්‍රදේශවල මැතිවරණ රැස්වීම් කිහිපයකට ගොඩවී කතා පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂකයකු වන ප්‍රේමසිරි මානගේ මහතාට ද පසුගිය ද චෝදනා එල්ල විය.

 



අදහස් (4)

අනුන්ගේ වේදිකාවට නැග්ග තවත් අපෙක්ෂකයෙක් බස්සයි

priyanka Wednesday, 18 September 2024 12:20 AM

මුන් වගේ උන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕනේ

:       1       45

අරවින්ද මොනරවිල Wednesday, 18 September 2024 06:51 AM

තමන්ටම තමන් විශ්වාස නැති මිනිහෙක්ව රටක් විශ්වාස කරන්න ඕනද ?

:       1       49

Perera Wednesday, 18 September 2024 08:00 AM

මෙහෙම අයව වේදිකාවලට නග්ගවන බංකොලොත් පක්ෂවල අයට ඡන්දේ නොදීය යුතුයි

:       2       56

සෙනෙවිරත්න Wednesday, 18 September 2024 11:15 AM

මේක සජිත් බබා නොදැන කළ දෙයක් වෙන්න බැහැ, එහෙම මිනිහෙක් බලයට පත්කරනවාද? මේ වගේ අපතයො නිසා ඡන්ද පත්‍රිකාව දිග වැඩි වීමෙන් වන පිරිවැය සජිත්ගේ නිධන් කඩපු මුදලින් පියවනවද? රට පුරාම ඩමි අපේක්ෂකයන් දමාගෙන මේ කරන බාල වැඩ සජිත්ගෙ ළමා මනසට නම් ආශ්වාදයක් වෙන්න ඇති.

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 41 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 341 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 362 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site