(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයින් රවටා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කිරීමේ නිරතව සිටියේ යැයි කියන පුද්ගලයකු  මට්ටක්කුලිය පොලිසිය විසින් පෙරේදා (27) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වැලිගල්ල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයින් රවටාරුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කිරීමේසිද්ධීන් ගණනාවකට සම්බන්ධ අයෙකු බවට තොරතුරු ලැබී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙවැනි මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් අධිකරණය මඟ හැරීම නිසා මෙම සැකකරුටකැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබුණු බවද පොලීසිය සඳහන් කරයි.

අත්තනගල්ල  ප්‍රදේශයේ දී රුපියල් 395,769.00මුදලක් දකැස්බෑව ප්‍රදේශයේ දී රුපියල් 116,130.00සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී රුපියල්455520.00මුදලක් ද වගා කිරීමේ සිද්ධීන් වලට අත්අඩංගුවට ගත් මෙම සැකකරු සම්බන්ධ බව මෙතෙක් කරන ලද පරීක්ෂණ වලින් තොරතුරු අනාවරණය වී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

මෙම සැකකරු මෙවැනි ආකාරයට මුදල් වංචා කිරීමේ  සිද්ධීන් ගණනාවකට සම්බන්ධ බව පෙනී ගොස් ඇති නිසා වැඩිදුර පරීක්ෂණ සඳහා රහස් පොලීසියේ  පරිගණක අපරාධ විමර්ශන  කොට්ඨාසය වෙතඊයේ භාරදුන් බව පොලීසිය කියයි.

 පොලිස් විශේෂ කාර්යාංශයට අනුයුක්තවමට්ටක්කුලිය පොලිසියේ  රාජකාරි කරනනිලධාරියෙකු විසින් ලබාදුන්  තොරතුරක් මත එම ප්‍රදේශයේවැටලීමක් සිදුකරමෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ එම පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසිනි.