
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය අරාජික වී ඇතැයි ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මාධ්‍ය හමුවකදී අද (3)පැවසීය.
මාස දෙකක් ඇතුලත මීගමුව හා මහර බන්ධනාගාර ඇතුලේ බරපතල සිද්ධි දෙකක් වාර්තා වුවද ඒවාට වග කියන්නට කිසිම ප්‍රධානියෙක් නැතැයි ජී.එල්.පීරිස් මහතා පැවසීය.
කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජී.එල් පීරිස් මහතා මෙසේද කීය.
අපේ රටේ බන්ධනාගාර පද්ධතිය පිළිබඳව ඉතාමත් භයානක තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා.බන්ධනාගාර පද්ධතියට කොමසාරිස් ජෙනරාල් කෙනෙක් නැහැ.
අපේ රටේ සියලුම බන්ධනාගාර පාලනය කිරීම සඳහා අවසාන බලය තිබෙන්නේ ඒ කොමසාරිස් ජනරාල්ට.එ් අතිශයින් වැදගත් තනතුර තාම හිස්. ඒක පුරවලා නෑ. අවුරුද්දකුත් මාස දෙකක් එම තනතුර හිස්ව තිබෙනවා. තවම ඒ සඳහා ස්ථිර පත්වීමක් කරලා නැහැ. ඒ කියන්නේ බන්ධනාගාර පද්ධතියේ කඳ තියෙනවා, හිස නැහැ යනුවෙන්ද ජී.එල් පීරිස් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd