IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


’’අනුරත් පාස්කු ප්‍රශ්නය විසඳන්නේ නෑ’’

(අංජුල මහික වීරරත්න)

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවටද මෙම ප්‍රශ්නය නිවැරදිව විසඳිය නොහැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

අප්‍රේල් 21 දා පාස්කු  මහමොළකරුවන් හෙළි කරන බවට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව ඉටු නො වූයේ වත්මන් ආණ්ඩුව ද මෙම ක්‍රියාවලියට අඩු වැඩි වශයෙන් සම්බන්ධ වී සිටින බැවින් යැයිද රණවක මහතා සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට පරීක්ෂණ හරියට කළ නොහැකි වූයේ බලයේ සිටි ඇතැම් පුද්ගලයින් සහ රාජපක්ෂවරුන් අතර අදාල සිද්ධියට පැවති සම්බන්ධතා හේතුවෙන් බවද රණවක මහතා කීය.

"අපරාධකරුවන් කවර තරාතිරමක අය වුණත් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරලා මියගිය පිරිස් වලට යුක්තිය ඉටු කරනවා කියන අදහසින් තමයි අනුර ආවේ. නමුත් එවැනි දෙයක් වෙන ආකාරයක් පේන්න නැහැ" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් රණවක මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (8)

’’අනුරත් පාස්කු ප්‍රශ්නය විසඳන්නේ නෑ’’

අරවින්ද මොණරවිල Monday, 21 April 2025 03:48 PM

ඔයා දේශපාලන වශයෙන් අන්ධයි අනාතයි, ඒ නිසා අන්ධයෙක්ට කොහොමටවත් ඕවා පෙනෙන්න විදිහක් නැහැ.

:       23       32

Kamal Koyrala Monday, 21 April 2025 04:35 PM

කලබල වෙන්න එපා .මයික් එක්ක දැක්කම මොනවා හරි කියන්න ඕනේ නේ .තව පොඩ්ඩක් ඉන්න ඉවසලා

:       30       21

සිල්වා Monday, 21 April 2025 04:47 PM

මීලඟ ජනපතිවරණයට පාස්කු ප්‍රහාරය මාතෘකාවක් නොවිය යුතුයි.

:       0       30

Deepal Nirosh Monday, 21 April 2025 04:53 PM

අනුර විතරක් නොවෙයි මහත්තයො, අනාගත ජනාධිපති අගමැතිවරු කාටවත් ඔය පාස්කු ප්‍රශ්නය විසඳල හමාර කරන්න බැහැ. හැබැයි පාස්කු ප්‍රහාරයට දිවි පිදූ අහිංසක ජනතාව තමුන්ගෙ ප්‍රශ්නය කෙසේ වෙතත් අනුරගෙ ප්‍රශ්නය නම් විසඳුව.

:       5       28

පොඩිඑකා Monday, 21 April 2025 06:12 PM

දැං මෙයා පාස්කුව විකුණනවා…!

:       0       0

ගමේ එකාලා Monday, 21 April 2025 09:08 PM

පාස්කු ප්‍රහාරය සිද්ද වෙලා අවුරුදු 6 ක් ගෙවිලා ගියා. දැනුයි මෙයාට තදියම හැදිලා තියෙන්නේ? බලලෝබී, බඩගෝස්තරවාදී, දූෂිත දේශපාලුවෝ කරලා තියෙන්නේ ලෙහෙසියෙන් අල්ලන්න පුළුවන් වැඩද?

:       0       0

සිංහල නිංජා Monday, 21 April 2025 10:19 PM

මේ කටින් බතල කොල හිටවන අය. කිසිම වැඩකට නැති නපුංසකයෙක්. අනාථ වෙලා මරු කියවනවා.

:       0       0

Perera Tuesday, 22 April 2025 12:09 AM

එතකොට ඔයාට විතර ද ඒක විසඳන්න පුළුවන්? අනේ යනවා යන්ඩ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 728 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2390 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site