(අංජුල මහික වීරරත්න)
තමාට විවාදයකට කතා කරන්නට පෙර මාලිමාව අනුගමනය කරන්නේ අපනයන ආර්ථිකයද? ආනයන ආර්ථිකයද? කියා පක්ෂය ඇතුලේ විවාද කොට එකඟතාවය කියන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කුරුණෑගල දී පැවසීය.
විවාදයකට එන්නැයි හිටපු කෘෂිකර්ම ඇමති අනුර ආනමඩුවේදී තමාට ආරධනා කර තිබෙන බව කී ජනාධිපතිවරයා මාලිමා ප්‍රතිපත්තියේ පරස්පරතා සාකච්ඡා කොට එකඟතාවයකට පැමිණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද කැටුව තමා, අනුර සහ සජිත් අතර විවාදය පවත්වමු යැයි ජනාධිපතිවරයා කීය.
මෙම හමුවට අමතරව ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් කිලිනොච්චිය, මැදවච්චිය සහ පඬුවස්නුවරදී ජනරැලි පැවැත්විණි.
කුරුණෑගල දී ව්‍යාපාරික සහ විද්වත් හමුව අමතමින් ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
කුරුණෑගල දිස්ත්‍රික්කය දියුණු කරන්නට අප පියවර ගෙන තිබෙනවා.කුරුණෑගල මෙන්ම කුලියාපිටිය නගර සහ වන්නි හත්පත්තුවට මගේ විශේෂ අවධානය තිබෙනවා.
මීට වසර දෙකහමාරකට පෙර රට ගොඩනැගීමේ වැඩසටහන ආරම්භ කළා.ඒ කාලයේ සජිත්ට සහ අනුරට උනේ මොකක්ද?
මිනිසුන්ට කෑම, බෙහෙත්, ඩීසල් ,පොහොර නැති අවස්ථාවේ විපක්ෂයේ හිටියේ කොහේද? මිනිසුන් ගැන වේදනාවක් තිබුනේ නැද්ද?
මේ අර්බුදයට මොකක් හෝ කළ යුතු යැයි ඔවුන්ට සිතුවිල්ලක් පහළ වුණේ නැද්ද?ඔවුන් පැත්තකට වෙලා හිටියා.
ඔවුන් එදා රට බාරගෙන ඒ වැඩකටයුතු කළා නම් මම මෙතන නැහැ.කිසිවෙකුත් ඉදිරිපත් වූයේ නැති නිසා තනි මන්ත්‍රී ලෙස සිටි මට ඉදිරියට එන්න සිදුවුණා.
මේ වැඩකටයුත්ත භාරගෙන කරන්න පුළුවන් මට ප්‍රශ්නයක් නැතැයි මා එදා පැවසුවා. ගෝඨාභය ජනාධිපතිතුමා රටින් ගිය අවස්ථාවේදී අප පාර්ලිමේන්තු ඡන්දයකට ගියා.බලයේ හිඩැසක් තියන්නට හොඳ නැහැ.අද බංගලාදේශයේ බලයේ හිඩැසක් ඇති වී තිබෙනවා.ෂික් හසීනා අගමැතිතුමිය පිටව යන විට ඒ වෙනුවට වෙන කෙනෙක් පත් කළේ නැහැ.අපත් එදා හරි වැඩපිළිවෙළට කටයුතු නොකළා නම් අදත් එක එක්කෙනා මරා ගන්නවා.
අප ඒ අවස්ථාවේදී රටේ පාලනය භාරගත්තා.ඒ අවස්ථාවේ මට මූල්‍ය අරමුදලින් සහයෝගය ගන්නට සිදුවුණා.මා ඒ වැඩකටයුතු හොඳින් දන්නා නිසා පහසුවෙන් ඉදිරියට යන්නට හැකි වුණා.
ලංකාවේ ණය බර ආර්ථිකයට දරා ගන්න නොහැකි බව එදා මූල්‍ය අරමුදල පැවසුවා.මෙහෙම ගියොත් ආර්ථිකය කැඩී යන බවත් ඔවුන් කිව්වා කිව්වා.ණය ගන්න එපා යැයි ඔවුන් පළමුවෙන්ම පැවසුවා.ණය ගැනීම දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට පහකට සීමා කරන ලෙස ඔවුන් පැවසුවා.
එමෙන්ම මුදල් අච්චු ගහන්න එපා යැයි පැවසුවා. ඒ තවදුරටත් රුපියල කඩා වැටීමේ අවදානම තිබූ නිසයි. ඒ කාරණයට මා එකඟ වුණා.බැංකු කඩා වැටීමේ අවදානමක් ඇති නිසා බැංකු වලින් ණය ගන්න එපා කිව්වා.මා ක්‍රියා කළේ මේ උපදෙස් අනුවයි.
එවිට මා ආදායම් හොයන්නේ කොහෙන්ද? 2022 දී සියලු ආදායම් කපා දමා තිබුනා. මිනිසුන්ගෙන් බැනුම් අහන්න සිදුවන බවත් අසීරු තීන්දු ගන්නට සිදුවන බවත් මා රට භාර ගනිද්දීම දැනගෙන හිටියා.
වැට් බද්ධ වැඩි කරන්නට සිදුවුණා. ඒ පියවර නිසා සියලු දෙනාටම පහර වැදුනා.නමුත් මාස හයක් යන්නට පෙර රුපියල ශක්තිමත් වුණා.ඩොලරයට තුන්සිය හැත්තෑවක්ව තිබූ රුපියල තුන්සියයක් බවට පත්වුණා.බඩු මිල සියයට 10-40 අතර අගයකින් අඩු වුණා.කිසිවකුත් තවම බඩු මිල ගැන සෑහීමකට පත් වන්නේ නැහැ. මමවත් එලෙස සෑහීමකට පත්වන්නේ නැහැ.
අප දැන් ඉදිරියට යා යුත්තේ එතැන් සිටයි.අප මේ වරමක් ඉල්ලන්නේ ඒ වැඩ කටයුත්ත සිදු කරන්නයි.අප ආර්ථික ස්ථාවර කර තිබෙනවා. නමුත් ඒ ස්ථාවර බව තහවුරු කරන්නට තිබෙනවා.එය තහවුරු කර ඉදිරියට යන්න නම් ආනයන ආර්ථිකයක් තබාගෙන එය කරන්නට බැහැ. එසේ වුවහොත් තව ණය ගන්නට සිදුවෙනවා.
2042 වනතුරු ණය ගෙවන්නට මා දැන් සහන කාලයක් අරගෙන තිබෙනවා. ණය පොලිය සම්බන්ධයෙන් ඩොලර් බිලියන දහයක පමණ සහනයක්ද ලැබෙනවා.අප අපනයන ආර්ථිකයක් බිහි කළ යුත්තේ ඇයි?
අපගේ ආනයන සඳහා අපනයන ආදායමෙන් ගෙවන්නට ශක්තියක් ලබාගත යුතුයි.නමුත් වර්තමානයේ අපේ අපනයනය ප්‍රමාණවත් නැහැ.ඒ වැඩ කටයුත්ත ඉදිරියට කරගෙන යන්න නම් අපට ජන වරමක් අවශ්‍යයි.
බඩු මිල අඩු කරන්නට නම් කළ යුත්තේ රුපියල තව තවත් ශක්තිමත් කිරීමයි.රුපියල මෙන්ම ආර්ථිකය ශක්තිමත් වන විට තවත් බඩු මිල අඩු වෙනවා.
2019 වසරේ මා රට භාර දෙන විට ඩොලරයට රුපියල 185 ක අගයක පැවතුණා.එම අගය 370 දක්වා ඉහළ ගියා.මා එය ස්ථාවර කරන්නට තැත් කළා.300 දක්වා අගයකට ගෙන එන්නට හැකියාව ලැබුණා. රුපියල බාල්දු වීමේ ප්‍රතිඵලයක් ලෙස බඩු මිල දෙගුණයක් බවට පත්ව තිබෙනවා. නමුත් ජනතාවගේ ආදායම වැඩිවී නැහැ.
අප උපයාගත් මුදල් වලින් අස්වැසුම සහනය ජනතාවට ලබා දුන්නා. මුලින්ම අප රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් පන්දහසක දීමනාවක් ලබා දුන්නා.අනතුරුව එම දීමනා තවත් වැඩි කරන්නට හැකියාව ලැබුණා .2025 වසර වන විට රාජ්‍ය සේවකයන්ගේ වැටුප සම්බන්ධයෙන් උදය සෙනෙවිරත්න වාර්තාව ක්‍රියාත්මක කරන්නට හැකි වෙනවා.
ඉදිරියේදී බඩු මිලට යම් සහනයක් දෙන අතර ආදායම වැඩි කරන්නට කටයුතු කරනවා.තවමත් යම් පරතරයක් තිබෙනවා.මේ අනුව එන අවුරුද්ද වන විට ජීවන බර තවත් සැහැල්ලු කිරීමට හැකියාව ලැබෙනවා.
මේවා කරන අතර තුර ආයෝජන කලාප, කෘෂිකර්ම නවීකරණය, ඩිජිටල් ආර්ථිකය ආදී වැඩසටහන්ද අප කරගෙන ගියා.
ලබන වසරේ අයවැය සම්බන්ධයෙන් අප විශේෂයෙන් කතා කළ යුතුව තිබෙනවා.අප මූල්‍ය අරමුදල කියන වැඩසටහනට අනුව ක්‍රියා කරනවා නම් ණය ගැනීමේ හැකියාව සීමා සහිතයි.
අපේ ආණ්ඩුවේ සැලසුම අනුව එන වසරේ වියදම ඩොලර් බිලියන 6800 ක් වෙනවා.ආදායම ඩොලර් බිලියන 5100යි.ඩොලර් බිලියන 1700ක පරතරයක් තිබෙනවා.හොඳ වෙලාවට ඒ අගය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පහයි.ඒ අනුව කිසි බයක් නැතුව අපට අයවැය හදන්න පුළුවන්.
දැන් බලන්න මාලිමාව කියන දේ.මාලිමාවේ ප්‍රතිපත්ති අනුව ඔවුන්ට වාර්ෂික වියදම ඩොලර් බිලියන 8900 ක් වෙනවා.අපට වඩා ඩොලර් බිලියන 2000 ක් වැඩියි.බදු සහන දුන් විට ඔවුන්ගේ ආදායම ඩොලර් බිලියන 4900යි. අප ලබන ආදායමටත් වඩා ඔවුන්ගේ ආදායම අඩුයි.
ඩොලර් බිලියන 4000 ක අයවැය පරතරයක් ඔවුන්ට තිබෙනවා.එය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 11.9ක අයවැය පරතරයක් . මේ තත්ත්වය යටතේ ඔවුන් රට ඉදිරියට ගෙනයන්නේ කෙසේද? මේ අයවැය ක්‍රියාත්මක කළොත් සිදුවන්නේ කුමක්ද?
පළමුවෙන්ම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පහට වඩා වැඩි අගයකට ණය ගන්න උත්සාහ කරාවි. එය මූල්‍ය අරමුදලේ ගිවිසුම කැඩීමක්.
එහෙම කළොත් වැඩි පොලියකට ණය ගන්න සිදුවේවි. එවිට පොලිය සියයට 25ක් ගෙවන්න වෙිවි.ප්‍රශ්නයක් නෑ නේද?ඒකනේ වෙනස.
වෙනසක් ඉල්ලුවනේ. ඔන්න සියයට විසිපහක පොලියට ණය තියෙනවා.
මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ගිහින් මූල්‍ය අරමුදලේ කොන්දේසි කැඩුවොත් පළමුවෙන්ම වන්නේ රුපියල ඩොලරයට සාපේක්ෂව 450-500 අගයකට ඉහළ යාමයි. කොන්දේසි කඩා දමා මූල්‍ය අරමුදලේ සහයෝගය නැති කර ගත්තොත් ඒ දේ සිදු වෙනවා.
ඔවුන්ගේ වෙනස ඒක තමයි. ඒ ගැන ඔවුන් කතා කරන්නේ නැහැ.අපේ ප්‍රතිපත්තිය අපනයන ආර්ථිකයක් ඇති කිරීමයි.ඔබලාගේ ප්‍රතිපත්තිය කුමක්දැයි මා මාලිමාවෙන් ඇසුවා. අපනයන ආර්ථිකයකට යන බව මා මිත්‍ර..... එලෙස කියන්නට එපා කියා තිබෙන නිසා හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර දිසානායක මහතා පැවසුවා.
නමුත් නිදහස් වෙළෙඳ ගිවිසුම් අහෝසි කරන බව ඒ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙනවා.අපනයන ආර්ථිකයක් තබාගෙන නිදහස් වෙළඳ ගිවිසුම් අහෝසි කරන්නේ කොහොමද?එවිට භාණ්ඩ පිටරට යවන්න බැහැනේ .වාසිය ලැබෙන්නේ නිදහස් වෙළෙඳ ගිවිසුම් නිසයි.
අනික මා ආර්ථික ප්‍රවර්ධන පනත ගෙන ආ විට යටට අඳින බැනියමේ හිල් තියෙන කෙනා සහ සූරියප්පෙරුම ගිහින් නඩු පැවරුවා.අපනයන ආර්ථිකය මේ රටේ ව්‍යවස්ථාවට විරුද්ධ බව කියා ඔවුන් එලෙස නඩු පැවරුවා.
මම ඒ කාරණය ඇසුවා. විවාදයකට එන්නැයි ඔන්න දැන් ආනමඩුවේදී පවසා තිබෙනවා. විවාදයක් කරන්නේ කොහොමද මුලින්ම අපනයන ආර්ථිකයක් ද නැද්ද කියා කියන්න.
මා සමග විවාද කරන්නට පෙර හිටපු කෘෂිකර්ම ඇමති අනුර දිසානායක, සුනිල් හඳුන්නෙත්ති සහ සූරියප්පෙරුම මහත්වරුන් අතර විවාදයක් කොට ඔබ අනුගමනය කරන්නේ ආනයන ආර්ථිකයක්ද?අපනයන ආර්ථිකයක් ද කියා මට කියන්න. එම කාරණය හරියට පැවසූ පසුව මා මුලින් කියූ පරිදි මූල්‍ය අරමුදලේ විවාදය පවත්වමු.
මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියත් මමත් ,අනුරත් අවශ්‍ය නම් සජිත්ටත් එන්න කියමු. අනුර සහ මම විතරක් කතා කරලා වැඩක් නැහැනේ. සජිත් එනවට නම් මම ටිකක් බයයි. මොකද එයා කතා කරන්න පටන් ගත්තට පස්සේ පැය දෙකක් යනකොට මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ තුමිය මට තව වැඩ තියෙනවා කියලා නැගිටලා යාවි.
අපි ඒ පිළිවලට විවාදය කරමු. එතකොට ප්‍රශ්නයක් නෑනේ .සූම් තාක්ෂණය ඔස්සේ එය සිදු කළ හැකියි.
මේ ගැටලුව නිරාකරණය කරගෙන විවාදය කරන්න මම ලෑස්තියි.පළමුවෙන්ම යෝජනා කළේ මම නේ.
ආර්ථිකය කඩාගෙන රට බංකොලොත් කරන අයවැයක් ගෙනාවේ ඇයිදැයි මා මාලිමාවෙන් අහනවා.නිකං වේදිකාවේ කෑගහලා වැඩක් නැහැ, අරයා මාරු කරනවා, මෙයා මාරු කරනවා කියලා වැඩක් නැහැ, ආර්ථිකය ගැන කතා කරන්නැයි හිටපු කෘෂිකර්ම ඇමති අනුර දිසානායක මහතාට මා කියනවා.
ඒ කාලේ කෘෂිකර්මය නවීකරණය නොකළේ ඇයි? ඒ ප්‍රශ්නයට උත්තර අවශ්‍ය නෑ.ආනයන අපනයන ආර්ථික ප්‍රශ්නයට උත්තර දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙම හමුව සඳහා කුරුණෑගල ව්‍යාපාරිකයෝ, විද්වත්හු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්
මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි
පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ
ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අනුන් එක්ක විවාද කරන්න පෙර පක්ෂය ඇතුලේ එකඟතාවයකට එන්න
Amara Wednesday, 11 September 2024 01:36 PM
ඒ දෙකම කියලා උත්තර දුන්නාම ප්‍රති උත්තරයක් නෑ ඔබට. මෙතුමා කළේ ආනයන ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම පමණයි. කොහේ හරි ලාබ නම් ඒ කුණුගොඩක් මෙහෙට ගේනවා. වෙන රටවල භාණ්ඩ ආනයනය කරද්දී ඒ තත්ත්වය කොතරම් ගැලපෙනවද බලන්න. නවසීලන්තය ඔ්ස්ට්‍රේලියාවේ තක්කාලි දිලීරය නිසා ගිය සතියේ ටික කාලයකට තහනම් කළා. ලිබරල් ආර්ථිකේ වෙනයි රටට හා මිනිස්සුන්ගෙ ආරකෂාවට ආදරේ කරන එක වෙනයි. පටලවාගන්න අනවශ්‍යයි....
Tiron Dimantha Harischandra Wednesday, 11 September 2024 02:11 PM
එකම ගොන් කතාව කිය කිය ඇවිදිනවා.
අරවින්ද මොනරවිල Wednesday, 11 September 2024 02:19 PM
විවාදයකට අඩගැහුවාම සිලින්ඩර් මුත්තා හොඳටම කළබල වෙලා, ලෝක බැංකු නියෝජිතයන් එක්ක එන්නද අහනවා. මාලිමාව ඇතුලේ ප්‍රශ්න විසඳා ගන්න කියනවා.. ආර්ථිකය ආනයනයද අපනයනද කියලා අහනවා. බලාගෙන ගියාම මෙයා දැන් පූතානෝටත් වැඩිය මඤ්ඤං වෙලා වගෙයි.
karolisWednesday, 11 September 2024 03:20 PM
ඔයාට පුළුවන් ද ඒ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න...? කටට ආපු පලියට යන්නේ කොහේද මල්ලේ පොල් කියලා රනිල් බයිට් කරලා වැඩක් නෑ. රටේ තියෙන ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියලා කියන්න ඕනේ...
මැක්ස් Wednesday, 11 September 2024 02:39 PM
වාද කිරීමට අනුර කුමාරට හෝ සජිත් ප්‍රේමදාසට ආරාධනා කිරීම මගින් පෙන්නුම් කරන්නේ ජනාධිපතිවරයාට ඔවුන් පිළිබඳ වැටහීමක් නොමැති බවයි. ඔවුන් දන්නේ පාලු ගෙයි වලං බිඳීමට සහ කටින් බතල කොළ සිටුවීමට පමණයි. 2010 පමණ සිට ඔබත් සමඟ දීග කෑ අනුර සහෝදරයාට ඔබ 2015 දී අරලිය මැදුරේ කාමරයක් සහ වගකීමක් ද දුන්නා. නමුත් ඔබට සිදු වුනෙත් කෘෂිකර්ම ඇමැතිකම මෙතුමාට දුන් චන්ද්‍රිකාට වූ දේමයි. ඇමැතිකම් අරගෙන රටට වැඩ කරන්න යයි අනුරට කියූ මහින්දට වූ දේමයි. බොරු කියමින් රට වටා යාමට සහ සිංහල ජාතිකයින් යම් පිරිසක් ගොනාට ඇන්ද වීම හැර, මේ තඹුත්තේගම කුමාරයට කල හැකි අන් යමක් නැහැ. දිලිත් ජයවීර මෙතුමාට වාදයකට කතා කළා. විජයදාස රාජපක්ෂ කතා කළා. නිස්සංක සේනාධිපතිත් කතා කළා. ඒ අයට අවලාද නගමින් අනුර කුමාර මහතා හැංගුණ හැටි, එතුමන්ගේ භක්තිමත් දායක පිරිසට අමතක වුණාට රටට මතකයි.
saman Wednesday, 11 September 2024 02:42 PM
රා බීපු මීයාගේ කතාව මතක් වුණා...
ලසන්ත Wednesday, 11 September 2024 03:24 PM
අනේ! ඉතිං ඔන්න ඔය විවාදය කරලා, තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳ ගන්නකෝ...!
Gamini Wednesday, 11 September 2024 04:04 PM
අනුර කියන්නේ bus වල හොර බෙහෙත් තෙල් විකුණන කෙනෙක් වගේ හා ද?
Rata Perata Wednesday, 11 September 2024 04:31 PM
චන්දෙන් පරාද කරලා ගෙදර යවපු එකෙක් ට ගිය කලක් . රාජපක්ෂලා රකින්න දාගත්ත එකා දැන් රටම කන්නයි යන්නේ .ආර්ථිකය හැදුවලු .හැබැයි හෙට අනිද්දා තව US$200 ණයක් ගන්නවලු .තාමත් මේවා තේරෙන්නේ නැති ගොබ්බ රැලක් ඉන්නවානේ රටේ
Dilshan Wednesday, 11 September 2024 04:52 PM
සූ...ගාලා සෙනඟ පව්... මේ මිනිස්සු විවේක සුවයෙන් ඉන්න ඕනෑ කාලේ තවත් බලයට කෑදර කමෙන් මරු කියවනවා...!
පිටරටවැසියා Wednesday, 11 September 2024 05:07 PM
යකඩෝ, එතකොට, කොස්සයි, ඉදලයි, ප්ලාස්ටික් හැන්දයි, බේසමයි චීනෙන් ගේන්නේ? බිත්තරෙයි, පොල් බෑයයි ඉන්දියාවෙන් ගේන්නේ? ඒවාට කියන්නේ මොන ආර්ථිකයද?
nihal Wednesday, 11 September 2024 05:33 PM
තරුණ කාලේ මෙතුමා රට හැදුවනම් නහින දෙහින කාලේ පොඩ්ඩක් විවේක සුවයෙන් ඉන්න තිබ්බා. එහෙනම් ඉතින් ඇම්බියුලන්ස් එකක් පිටිපස්සේ තියාගෙන මට පුළුවන් කිය කියා රට වටේ යන්න දෙයක් නෑ.
Nishan Thursday, 12 September 2024 03:57 AM
විවාදවලට අනුර බයයි. අයිටීඑන් විවාදෙට ගියෙත් සජිත් එන්නේ නැති බව තහවුරු කරගෙන. මේකට නම් කොහොමත් එන එකක් නෑ. මොකද ගිහින් කියන්න දෙයක් නෑ. ආණ්ඩුව අරන් දීපු පොරොන්දු ඉටු කරන්න සල්ලි හොයන්නේ කොහොමද කියලා හිතලද කොහෙද ලෙඩත් උනා.