
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ලොරි රථයක ගැටී බරපතළ තුවාල ලැබූ අසූතුන් හැවිරිදි පුද්ගලයකු රෝහලට රැගෙන යන මුවාවෙන් ලොරි රථයේ පටවාගෙන ගොස්, පාළු ස්ථානයක අතහැර දමා යෑමෙන් පසු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව පූගොඩ පොලීසිය පවසයි.
පූගොඩ පැපිලියාවල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.
අසාධ්‍ය තත්ත්වයේ සිටි එම පුද්ගලයා අතරමග අතහැර දමා පලා ගිය බව කියන ලොරි රථ රියැදුරා හෝමාගම, පන්නිපිටිය ප්‍රදේශයේ ඔහුගේ නිවෙසේ සිටියදී එදිනම සැකපිට අත්අඩංගුවට ගත් බව පූගොඩ පොලීසියේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවැසීය.
තුවාල ලැබූ තැනැත්තා අතරමග දමා නොගොස්, ඒ මොහොතේම රෝහල කරා කඩිනමින් රැගෙන ගියේ නම්, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි වන්නට තිබිණි යැයි ද එම නිලධාරියා පැවැසීය.
පොලිස් විශේෂ කාර්යාංශයේ ගම්පහ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජයන්ත අධිකාරම් මහතාට ලැබුණු තොරතුරක් අනුව විමර්ශන පවත්වා, සැකකාර රියැදුරා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
පොලිස් කණ්ඩායමක් සැකකරුගේ නිවෙස සොයා යන විටත් ඔහු මෙම අනතුරෙන් හානියට පත්වූ ලොරිය පිළිසකර කරමින් සිට ඇතැයි පොලීසිය කියයි.
ලොරි රථය ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙසේ මියගොස් ඇත්තේ, පැපිලියාවල මැණික්ලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි, පියරත්න මංචනායක නමැත්තෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ උන්ට මිනීමැරීමේ චෝදනා දාල ජිවිතන්තය දක්වා හිරේ යවන්න ඕන. නැතිනම් උන් ඇප අරන් නිදහසේ ජිවත් වෙනවා එළියේ. ලංකාවේ නිතිය ඕවට කෙලින් තීරණය ගන්න ඕන
මෙහෙම එවුන්ගේ වාහන රාජසන්තක කරලා රථ වහාන මිනී මැරුමක් (motoring manslaughter) සේ සලකා එල්ලා මරලා දැමිය හැකි පරිදි නීති සකස් විය යුතුයි
අනේ මෙහෙම පව් කාරයෝ .මිනිස්සු අතින් වැරදි වෙනවා ,ඒ උනාට මේ සීයව ගිහින් මෙහෙම වැටිලා හිටියා කියලා රෝහලකට භාර දුන්නා නම් ඉවරයිනේ