IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 3000ක් ධාවනයෙන් ඉවතට

(නිමල කොඩිතුවක්කු)

ඉන්ධන හිගය හේතුවෙන් අද (12) දිනයේ අන්තර් පළාත් ඇතුලු පෞද්ගලික බස් රථ ධාවනය විශාල ලෙස අඩුවූ අතර මේ හේතුවෙන් මගීහු දැඩි පීඩාවට පත්වූහ.

මේ හේතුවෙන් අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 3000ක් පමණ දෛනිකව ගමන් වාර අවලංගු කිරීමට සිදුව ඇති බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා ප්‍රකාශ කළේය.

බස් රථය එක් ගමනාන්තයකට පැමින අනෙක් ගමනාන්තය සඳහා යාමට ඉන්ධන නොමැති වීමේ අවස්ථාද ඇති බව විජිත කුමාර මහතා පැවසීය.

ඩීසල් හිඟය බස් රථ ධාවනයට දැඩිව බලපා ඇති  බවත් මේ හේතුවෙන් මගී ජනතාව මෙන්ම බස් රථ හිමියන්ද දැඩි පීඩාවට පත්ව සිටින බවත් ඔහු කීවේය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ නියාමනය වන අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 3200ක් පමණ තිබුණත් ඊයේ(12) දිනයේ  ධාවනය වූයේ  200 ක පමණ ප්‍රමාණයක් බවද ඔහු සඳහන් කළේය.

ඉන්ධන ලබා ගැනීම සඳහා දින ගණන් පෝලිම් වල සිටියත් දුර ගමන් සේවා සඳහා ඉන්ධන ප්‍රමාණවත් ඉන්ධන නොලැබෙන  බවත් ඔහු සඳහන් කළේය.

දුර ගමන් සේවා බස් රථ සඳහා ඉන්ධන ලීටර් 120ත් 150ත් අතර ප්‍රමානයක් අවශ්‍ය වුවත් ඇතැම් ඉන්ධන පිරවුම්හල් වලින් ලැබෙන්නේ ඉන්ධන ලීටර් 40 ත් 80ත් අතර ප්‍රමාණයන් බවත් ඔහු සඳහන් කළේය.



අදහස් (2)

අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 3000ක් ධාවනයෙන් ඉවතට

Brake Tuesday, 12 July 2022 06:00 PM

පෙළපාලි ගියා වගේ දැන් පයින්ම යන්න කියන්න..!

:       0       0

Bamunuarachchi Tuesday, 12 July 2022 11:17 PM

බොහොම හොදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site