(ඩයනා උදයංගනී)
ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා තංගල්ලේ දී අද (23) පස්වරුවේ විරෝධතාවයක් පැවැත්වීමට නියමිතය.
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන මෙම විරෝධතාවට සහභාගීවීම සඳහා පිටකොටුව, ගාල්ල ආදී දුම්රිය ස්ථානවල සිට දුම්රියවල නැගී තංගල්ල බලා විශාල පිරිසක් ගමන් කරමින් සිටින බව වාර්තා වේ.
ඔවුන් දුම්රියෙන් ගමන් ඇරඹීමට පෙර එම දුම්රිය ස්ථානවල සිට ද විරෝධතාවයේ නිරතවූහ.
එමෙන්ම මෙම පිරිසේ ගමනාන්තය වන තංගල්ල සහ බෙලිඅත්ත දුම්රිය ස්ථාන අවට මේ වන විට විශාල පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව ද සඳහන්ය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අන්තරේ පිරිසක් තංගලු යති
Prase Sunday, 23 October 2022 01:57 PM
ජනතාවගේ බදුමුදල් වලින් ඉගෙන ගන්න... නිකමුන් ටික... මේ අයට කියන්නේ කාලකණ්ණි කියලා... !
Lal Sunday, 23 October 2022 02:45 PM
මෝඩ වැඩ... ප්‍රයෝජනවත් දෙයක් වගාකළොත් හොඳයිනේ..!
Demuni Uduwara Monday, 24 October 2022 04:59 AM
How we address those who steal state resources by politicians ?
3% Monday, 24 October 2022 11:14 AM
දැන් නම් මේක විකාරයක් වුනා , දේශපාලන අනාතයෙනි, කරුණාකර මේ තරුණයන්ව නොමග යවන්න එපා.