IMG-LOGO

අන්තර් ජාල කේබල්වල දෝෂයක්

බෙංගාල බොක්ක ආසන්න මුහුද යටින් දිවෙන අන්තර්ජාල පහසුකම් සපයන ජාත්‍යන්තර කේබල් පද්ධතියේ තාක්ෂණික ගැටළුවක්  හට ගෙන ඇති බව දුරකථන සේවා සමාගම් පවසයි.

ඉන්දියාව, මැදපෙරදිග සහ අග්නිදිග ආසියාවට අන්තර්ජාල පහසුකම් ලබා දීම මෙම කේබල් පද්ධතියෙන් සිදු කෙරේ. කිලෝ මීටර් 8000 ක් දක්වා මෙම කේබලය දිව යයි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පෙළේ ජංගම දුරකථන සේවා සැපයුම් කරුවකු  ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ  අදදින තම අන්තර්ජාල සබඳතාව වරින්වර විසන්ධි වීමක්  හෝ වේගය අඩු වීමක් සිදු වීමට ඉඩකඩ තිබෙන බවයි.

බෙංගාල බොක්කේ මුහුද යටින් දිවෙන අන්තර්ජාල පහසුකම් සපයන ජාත්‍යන්තර කේබල් පද්ධතියේ  ඇති වී තිබෙන තාක්ෂණික ගැටළුවක්  නිසා මෙසේ අන්තර්ජාල සබඳතාව වරින් වර විසන්ධි වීමට හෝ අන්තර්ජාල සබඳතාවේ වේගය අඩුවීමට ඉඩකඩ තිබෙන බව දුරකථන සේවා සමාගම් පවසයි.

නමුත් දුරකථන සේවා සපයන සමාගම් මෙය යථා තත්ත්වයට පත් කරන දිනයක් හෝ වෙලාවක් සඳහන් කර නොමැත.


(විමුක්ති එස් රුද්‍රිගු විදෙස් පුවත් ඇසුරෙන්)

 

 



අදහස් (0)

අන්තර් ජාල කේබල්වල දෝෂයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 755 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site