
(ටී.කේ.ජී.කපිල )
අන්තර්ජාලය භාවිතා කරමින් මූල්‍ය අපරාධ කිරීම යොදා ගන්නා රුපියල් ලක්ෂ පහලොවක් වටිනා විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් සමග විදේශීය ගුවන් මගීන් 09 දෙනෙකු , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " (Green Channel ) ඔස්සේ පිට වී යාමට තැත් කරමින් සිටියදී , අද(02 ) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් ඉන්දුනීසියානු ජාතික තරුණ ගුවන් මගීන් පිරිසකි .
ඔවුන් අද අලුයම 12.50 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ පාවිච්චි කරන ලද නවීනතම ජංගම දුරකථන 70 ක් , කුඩා පරිගණක ( Mini Computer ) 08 ක් , සිම් කාඩ් පත් 54 ක් ද සගවා ගෙන තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හායි දෙනයිනේ ඉන්නේ?
මෙවැනි සයිබර් අපරාධකරුවන් දියුණු වෙමින් පවතින රටවල් තෝරාගන්නේ නොයෙකුත් නීතිමය දුර්වලතා නිසා මෙවැනි සෝදිසි කිරිම් හා වැටලීම් ඉතා වැදගත්
ආයෙමත් ජීවිත කාලයටම ලංකාවට එන්න බැරිවෙන්න “Red Seal” එක ගහලා එලවන්න..!