IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


අධ්‍යාපන අමත්‍යාංශය වසා දැමීමට නියෝග

ඇමෙරිකන් අධ්‍යාපන අමත්‍යාංශය වසා දැමීමේ විධායක නියෝගයකට, එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළේය. 

ඇමෙරිකා ජනාධිපතිවරයා එම විධායක නියෝගයට අත්සන් කළේ ධවල මන්දිරයේදී, පාසල් දරු දැරියන් පිරිසක් ද පිරිවරා ගනිමිනි. ට්‍රම්ප්ගේ අධ්‍යාපන ලේකම්වරිය (ඇමැති) ලින්ඩා මැක්මැහොන් ප්‍රමුඛ ට්‍රම්ප් පරිපාලනයට සම්බන්ධ බොහෝ දෙනෙක්, අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන් සහ මාධ්‍යවේදීහු එම අවස්ථාවට එක්  වී සිටියහ.

අධ්‍යාපන අමත්‍යාංශය වසා දැමිය යුතුයි යන්න කොන්සවර්ටිව් මතධාරීන්ගේ දිගු කාලීන සිහිනයක් විය. තමන් යළි බලයට පත්වුවහොත් වහාම එසේ කරන බවට ට්‍රම්ප් මැතිවරණ පොරොන්දුවක් ද දී තිබුණි.

ජනාධිපති ට්‍රම්ප්, ‘රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව’ (ඩොජ්) නමින් විශේෂ දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කර තිබේ. එය බාර දී ඇත්තේ ලොව අංක එකේ බිලියනපති ඉලොන් මස්ක්ටය.

‘රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව’ ද අධ්‍යාපන අමත්‍යාංශයේ අනව්‍ය වියදම් ගැන ට්‍රම්ප් දැනුවත් කර ඇත. එය ද අධ්‍යාපන අමත්‍යාංශය වසා දැමීමට එක් හේතුවකි.

ට්‍රම්ප් මෙම විධායක නියෝගයට අත්සන් කළේ, ඇමෙරිකානු අධ්‍යාපන අමත්‍යාංශය ඇමෙරිකන් දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කිසිම අවස්ථාවක ක්‍රියා කර නොමැති බවත්, අධ්‍යාපන අමත්‍යාංශය ඇමෙරිකන් වැසියන්ගේ බදු මුදල් කොල්ල කෑ බවටත් ට්‍රම්ප් චෝදනා නගමිනි.

ඇමෙරිකාවේ අධ්‍යාපනය, යුරෝපයේත් චීනයේත් අධ්‍යාපනයට වඩා පසුගාමී බව පෙන්වා දෙමින් ට්‍රම්ප් අවධාරණය කළේ ඇමෙරිකාවේ අධ්‍යාපන කටයුතු දියුණු කිරීමට තමන් පියවර ගන්නා බවය.

(ඒ.එෆ්.පී.)



අදහස් (7)

අධ්‍යාපන අමත්‍යාංශය වසා දැමීමට නියෝග

Nandalal DE SILVA - France Friday, 21 March 2025 05:37 AM

ට්‍රම්ප්ගේ මෙම තීරණය, මීලඟට ලෝකයේ බොහෝ රටවල් පිළිගන්නවා ඇත. ඔවුන්ත් ට්‍රම්ප් ගිය අඩි පාරේ යමින්, ඒ රටවලත් අධ්‍යාපන අමාත්‍යාංශ වසා දමනු ඇත!!! ඇමරිකාවේ පාසල් වලට කනකොකා හඬා ඇත

:       3       3

සමිත හිමි Friday, 21 March 2025 06:09 AM

ඔන්න කරනව නං වැඩක් අපේ රටෙත්. සත පහකට වැඩක් නෑ. තව පිරිවෙන් ශාඛාව කියලත් එකක් තියෙනවා. හොර ගුහාවක්.

:       0       10

Sameera Friday, 21 March 2025 06:43 AM

මෙය ලංකාවටත් අදාල වේ! ලංකාවේ ඇති අකාර්යක්ෂම ආයතනය පාසැල වේ! අවුරුදු 13 වැඩකට නැති විශය නිර්දේශයක් හා මොට ඉගැන්වීම් ක්‍රමයක් ක්‍රියාත්මක වේ!

:       2       10

රුවන් Friday, 21 March 2025 06:55 AM

නිදසුන් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය නැති එකම බටහිර දියුණු රට. ජර්මනියේ හිටපු සෞඛ්‍ය ඇමති පුදුම වුනාලු ගිලන් රථයට ඩොලර් 8,000ක බිලක් ආවම. ජර්මනියේ ගිලන්රථ සේවා වගේම සෞඛ්‍ය නොමිලේ.

:       2       3

ගුණරත්න Friday, 21 March 2025 07:38 AM

අපේ රාජ්‍යසේවයට නම් අවුරුදු 100ක් ගියත් හෙනයක් නැතිව තියෙයි. ඒ වෙනකොට මුළු ජනගහනයම රජයේ සේවකයෝ වෙන්නත් බැරි නැහැ.

:       1       8

ඇමෙරිකන් වැසියා Friday, 21 March 2025 10:30 AM

අනේ මන්ද ඇමරිකාවේ අධ්‍යාපනය ඉතාමත් පසුගාමීයිලු . හැබැයි අපේ එවුන් PhD වලට පැනගෙන මෙහෙ එනවා

:       1       6

Kumar Saturday, 22 March 2025 04:26 AM

ඇමෙරිකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයක් නැහැ. අධ්‍යාපන දෙපාර්තමේන්තුවක් තියෙනවා. ට්රම්ප්ට කලේ එහි මුදල් ඉවතට ගැනීමයි. එම දෙපාර්තමේන්තුව ඉවත් කළ හැක්කේ කොන්ග්‍රසයට ප්‍රමාණය...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1343 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1259 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 460 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site