IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


අධිවේගියේ ලොරි අනතුරෙන් දෙදෙනෙක් මරුට

(ඉන්දිකා  රාමනායක,ශාන්ත කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අධිවේගී මාර්ගයේ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල සිට කඩවත දක්වා දිවෙන මං තීරුවේ දී  අද (29) අලුයම සිදුවූ  ලොරි රථ අනතුරකින්  පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම මාර්ගයේ ධාවනය වූ ලොරි රථයක ටයරයක  සිදුවූ ආපදාවක් හේතුවෙන්  එහි  රියදුරු සහ සහයක ලොරි රථය මාර්ගය අයිනේ නවතා අලුත්වැඩියා කරමින් සිටින අතරතුර මාර්ගයේ ධාවනය වෙමින් තිබූ තවත්  ලොරි රථයක්  මෙම රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

ලොරි රථය ගැටීමෙන් එහි රියදුරු මාර්ගයට විසි වී මිය ගොස් ඇති බවත් , ලොරි රථයට වම් පසින් ගමන් ගත් එහි හිමිකරු ලොරි රථය තුළ සිරි වී සිට  එය ගිනි ගැනීමට ලක්ව පිලිස්සුම් තුවාල ලබා මිය ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරිය අලුත්වැඩියා කරමින් සිටි රියැදුරු සහයක පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

අධිවේගී මාර්ගයේ ගමන් කරන අතරතුර රථයක් යම්කිසි ආපදාවකට ලක් වුවහොත් එය එම ස්ථානයේ  සිටම  වහාම   එහි ආපදා අංශයට දැනුම් දී ඔවුන්ගේ සහාය ලබාගෙන ලබා වැඩියා කටයුතු සිදු කළ යුතු බවත්. සේ නොකර තම අභිමත  පරිදි රථය නවතා අලුත්වැඩියා  නොකල යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.

අභිමතය පරිදි එම ස්ථානයේම වාහන නවතා  අලුත්වැඩියා කිරීමට යාම හේතුවෙන් මෙවැනි අනතුර වූ සිදුවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.

(ඡායාරූප ශාන්ත කුලරත්න)



අදහස් (2)

අධිවේගියේ ලොරි අනතුරෙන් දෙදෙනෙක් මරුට

JAYATH Saturday, 29 January 2022 11:34 AM

මේ අධිවේගයත් දැන් සාමාන්‍ය පාරවල් ගානට වැටිලා... හැමදාම අනතුරු, මේකේ කැඩිච්ච වාහනයක බොනට් එකක් ඇරගෙන කෙනෙක් ඉන්න දවසක් දකින්න නැති තරම් හාදයින්ට වතුර මතක් වෙන්නේ, ලිහිසිතෙල් මතක්වෙන්නේ, බෙල්ට් වල තත්වයේ බලන්න මතක් වෙන්නේ මගදී හිටියාම තමයි.. අනික සමහරු පිස්සෝ වගේ තමයි එලවන්නේ. මේ තව ප්‍රශ්නයක්... මේකේ යන මිනිස්සු දැනුවත් නැහැ මොකද කරන්න ඕනෑ කියලා... අධිවේගේ නෙමෙයි නිකන් පාරක වුණත් පිටිපස්සේ විදුලි පහනක්වත් නැතුව වාහනයක් රැට නවත්තලා තියන එක භයානකයි...

:       0       13

JAYATH Saturday, 29 January 2022 11:39 AM

බලන්න අර කැඩිච්ච වසංගතේ එලවලා තියෙන්නේ මේ රටේ ඉන්න නම නොකිව්වට කව්රුත් දන්නා තකතීරු වැඩ කරන නායකයෙක් වගේ හාදයෙක්.. ඒක නවත්තලා තියෙන්නේ පශ්චාත් භාගය පාරේ තියෙන විදියට..! අරයගේ වැඩත් එහෙම නොවැ මොනවා හරි කොරොත් පස්ස එළියේ...!

:       3       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site