IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


අධිභාරයට එරෙහි උද්ඝෝෂණයට ඇමති නිමල් ගොඩ වෙයි

(ඩයනා උදයංගනී)

සේවක අර්ථසාධක අරමුදල (ඊ.පී.එෆ්) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ඊ.ටී.එෆ්) මගින් අයකිරීමට යෝජිත සියයට 25 අධිභාර බද්ද වහා අහෝසි කරන ලෙස ඉල්ලමින් අන්තර් සමාගම් සේවක සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී අද (10) දහවල් පැවැත්විණි.

එම උද්ඝෝෂණය පැවති ස්ථානයට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද පැමිණ විරෝධතාකරුවන් සමඟ කතාබහක නිරතවිය.

එම අවස්ථාවේදී අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සමඟ සාකච්ඡා කරමින් අදහස් හුවමාරු කරගන්නා අයුරු ද දක්නට ලැබිණි.

2020 අප්‍රේල් 01 වැනිදා ආරම්භ වන තක්සේරු වර්ෂයට අදාළව මෙම බදු මුදල අයකිරීමට නියමිතය.

(ඡායාරුප ශාන්ත රත්නායක)

 



අදහස් (10)

අධිභාරයට එරෙහි උද්ඝෝෂණයට ඇමති නිමල් ගොඩ වෙයි

Rohana Thursday, 10 February 2022 04:12 PM

දැනටමත් සෑම අවුරුද්දකම සේ අ අ ලාභයෙන් කොටසක් රජය ගන්නවා. ඒකටත් අමතරවයි මේ 25% අධිභාරය. මොල හතෙන් කල්පනාකරල කරන වැඩ නියමයි.

:       0       65

fairoos Thursday, 10 February 2022 06:52 PM

බයියන්ට මේවා තේරෙන්නේ නැහැ

:       0       1

BamunuarachchiSaturday, 12 February 2022 04:49 PM

මස්කඩ කාරයින්ටත් අර්ථසාධක දීමනා හම්බ වෙනවද? මස්කඩ කාරයින් කියනවා අපිට තේරෙන්නේ නැහැල්ලු... කිලෝ එක 950ට කිරන ඒ ගොල්ලොලු.... දන්නේ.!.

:       0       1

Demuni Uduwara Thursday, 10 February 2022 08:43 PM

එම අරමුදල් ඉපැයීම් නොව ඉතුරුම් ය; ඔවුන් බදු අය කිරීම සදාචාරාත්මක නොවේ!

:       0       1

BamunuarachchiSunday, 13 February 2022 05:43 PM

ලංකාවේ අපි බදු ගෙවන්නේ ලබා ගන්න වතුර වලට. කැනඩාවේ පාවිච්චිකර ඉවතලන වතුරටත් බදු ගෙවනවා. අපි ගාස්තු ගෙවන්නේ පාවිච්චි කරන විදුලියට කැනඩාවේ විදුලිය කම්බි දිගේ ගෙදරට එනවාටත් ගෙවනවා. අපි ඉඩමක් අවසාන මොහොතේ දරුවන්ට් ලිව්වාම රජයට ගෙවන්නේ වටිනාකමින් 1 .5% මුද්දර ගාස්තු කැනඩාවේ ඉඩම ලබන දරුවා වටිනාකමින් 50% රජයට ගෙවිය යතුයි. ඔහු ඒ ඉඩම ඔහුගේ දරුවෙකුට දුන්නාම ඔහුත් ඉඩමේ වටිනාකමින් 50%ක් රජයට ගෙවිය යුතුයි. ඔන්න ඔහොමයි දියුණු රටවල බදු ගහන්නේ. ඔය බදුවලින් තමයි රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, පොලිස් සේවය ඇතුළු අනිකුත් රාජ්‍ය සේවා පවත්වාගෙන යන්නේ. අර්ථ සාධක අරමුදල ආයෝජනය කර ලාභ උපයනවා නම් ඒ ලාභයට බදු ගැසුවාට ඇති වැරැද්ද මොකක්ද? අපි මේ බද්දට විරුද්ධයි කියන කෙනෙක් හේතු පැහැදිලි කළොත් හොඳයි අපිට දැනගන්න...

:       0       0

Kapila Thursday, 10 February 2022 10:45 PM

මරිසිපාල ඇමතිතුමා ඔතන ඇවිත් නිදාගත්තේ නැද්ද?

:       0       1

Demuni Uduwara Friday, 11 February 2022 04:27 AM

ආදර්ශමත් ක්‍රියාවක්!

:       0       1

RS Friday, 11 February 2022 12:21 PM

ඕකට ඇත ගැසීම එටහ්රම් හොඳ වැඩක් නෙමෙයි .වැඩ කරන ජනතාවට කරන ලොකුම අසාදාරණයක්

:       0       1

sharm warn Friday, 11 February 2022 02:28 PM

උඩ පැනගෙන ඡන්දෙ දුන්නු රාජ්‍ය සේවකයෝ කාටත් දැන්වත් මොලයක් පහළවෙලා නම්.... රට හොරුන්ගෙන් බේරාගන්න පොඩි චාන්ස් එකක් තියෙයි...

:       1       0

BamunuarachchiSaturday, 12 February 2022 07:58 AM

රජයේ සේවකයින්ට අර්ථ සාධක මුදල් ලැබෙන්නේ නැති බව මෙයා දන්නේ නැහැ. මේ හාදයා ජෙප්පන් කෑගහන නිසා කෑගහන මිනිහෙක් මිස වෙන්නේ මොකක්ද කියා දැනගෙන කතා කරන කෙනෙක් නොවෙයි. නොදන්නා මගුල් කතා නොකර ඉන්න ගොබ්බකම පෙන්වන්නේ නැතුව...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 878 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site