
(අමදෝරැ අමරජීව)
මහනුවර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අග්බෝපුර ප්‍රදේශයේදී බස් රථයක් කැබ් රථයක ගැටී ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ මුහුණට මූණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් අයකු මිය ගොස් 26 දෙනකු තුවාල ලැබූ බව අග්බෝපුර පොලිසිය කියයි .
මාවනැල්ල සිට වන්දනා නඩයක් රැගෙන පැමිණි මෙම බස් රථය ත්‍රිකුණාමලයේ දෙසට ගමන් කරද්දී කැබ් රථයට ඉස්සර කිරීමට යෑමේදී කැබ් රථයේ එක් පැත්තක ගැටී ඉදිරියට ඇදී ගිය බස් රථය ඉදිරියෙන් පැමිණි ලොරියේ මුහුණට මූණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ .
ප්‍රදේශවාසීන් හා පොලිසිය එක්ව තුවාලකරුවන් කන්තලේ රෝහලට ඇතුළත් කර ඇති අතර මියගිය අයගේ මෘත ශරීරය කන්තලේ රෝහලේ තබා තිබේ.
බස් රථය අනාරක්ෂිත ධාවනය මෙම අනතුරට හේතු වී ඇති බව පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාඩුවේ තමන්ගේ Lane එකේ ගිය ලොරි කාරයවයි කැබ් කාරයවයි හිරේ දැම්මේ නැත්නම් මේ ලංකාව නෙවෙයි. අහක යන උන්ටත් හිරේ යන්න වෙන පුදුම නීති අප්පා.
මාවනැල්ල, කෑගල්ල, බණ්ඩාරවෙල, බදුල්ල පැත්තේ Drivers ලට වංගු පාරවල්වල හෙමින් ගාට ගාට ගිහින් කෙලින් පාරක් දැක්කාම පැනික් වෙනවා.
මෙවැනි අනතුරුවලට ලක්වන වාහන අසාදුගත කළ යුතුයි.