(බිමල් ශ්‍යාමන්   ජයසිංහ)

තලංගම අකුරේගොඩ දී නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් දෙවන වෙඩික්කරු හා ඔහු සමඟ සිටි අනෙක් පුද්ගලයන් දෙදෙනා  කොළඹට රැගෙන ආ බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් වෙඩික්කරු හිටපු නාවික සෙබලෙකු බව පොලිසිය කියයි.

එම සැකකරු විසින් දකුණු පළාතේ පමණක් වෙඩි තැබීම් අටකට අධික ප්‍රමාණයක් සිදුකර ඝාතන 11ක් සිදුකර ඇති තැනැත්තෙක් බවත් එම එකම ඝාතනයකටවත්  පොලිස් අත්අඩංගුවට පත්ව නොමැති බවත් මේ වන විට අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

නීතිඥවරයා සහ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් මීට පෙර එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු ඇතුළු පස්දෙනකු අත්අඩංගුවට ගෙන තිදෙනෙකුට දින අනූවක රැඳයුම් නියෝගය ලබාගෙන ඇතැයි පොලිසිය කියයි.