IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අමරවීර - දයාසිරි - ලසන්ත ගෝඨා හමුවෙන්න යති

(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් අතර විශේෂ හමුවක් පවත්වා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර, ශ්‍රිලනිප මහලේකම් දයාසිරි ජයසේකර සහ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන මහත්වරු එම සාකච්ඡාවට සහභාගී වුහ.

ශ්‍රිලනිපය හා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතිය සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් එහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකදී පිළිතුරු දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ දිර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.

ඉදිරි ආණ්ඩුවක දී ඇමැතිධූර සංඛ්‍යාව 30 කට සීමා කිරිම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරිම ආදී කාරණා සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වූ බව කී අමරවීර මහතා එම සාකච්ඡා සුබවාදීව අවසන් වූ බව කීය.

ලබන සතියේ ද ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ තවත් සාකච්ඡා වටයක් පැවැත්වීම බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

තමා ඇතුළු ශ්‍රිලනිප නියෝජිත පිරිස ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කළැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අනුමැතිය ඇතිව බවද හෙතෙම කීවේය.

මෙම සාකච්ඡාව පුරා පැය දෙකකට ආසන්න කාලයක් පැවැත්විණි.



අදහස් (14)

අමරවීර - දයාසිරි - ලසන්ත ගෝඨා හමුවෙන්න යති

nuwan Thursday, 29 August 2019 10:08 AM

මේ අය ගෝඨා හමුවෙන්ට යන්ට ඇත්තේ රට යකාට ගියත්, ඇමති පට්ටමක් ගන්ට පුලුවන්ද කියල හොයල බලන්ට වෙන්ට ඇති.

:       0       0

sirimal Thursday, 29 August 2019 10:14 AM

මේ සේරම දඟලන්නේ බලයට තියෙන කෑදරකම නිසා මිස රට වෙනුවෙන් නෙවේ. තීන්දු තීරණ ගැනීමේදී මහින්දට මිස ගෝඨාභයට කිසිම බලයක් නැහැ.ගෝඨා හදන්නේ විශ්‍රාමික හමුදා සහ පොලිස් නිලධාරීන් එකතු කර එක් ග්‍රාමසේවා කොට්ඨාශයකට 40 බැගින් සංවිධානගත කිරිමටයි. මෙම වැඩපිළිවෙල අනුව ඡන්ද වැඩකටයුතු වලින් දේශපාලඥයින් ඈත් කෙරෙනු ඇත. ගෝඨාභය මහින්ද හමුවී මෙම යෝජනාව ගැන කතා බස් කලද මහින්ද එයට කැමැත්තක් දක්වා නැත. මේ අතර ඉතාම රහසිගත මට්ටමෙන් සිදුකෙරුණු ජනපති මහින්ද හමුවේදී ජනාධිපතිවරයා ජනාධිපති ධුරය හෝ අගමැති ධුරය තමන්ට හිමිවිය යුතු බවට තදින්ම පවසා ඇතිබවත් ආරංචි වෙනවා. මේ යෝජනාව ගැන මහින්ද කලබලයට පත්ව ඇති අතර "තමන් ගෝඨාට අවස්ථාවක් ලබා දුන්නත් ඔහුට එය නිවැරදි ලෙස කළමනාකරණය කරගත නොහැකි වූ බවත් ඔහුට තිබෙන බවට පැවසූ ජනතා රැල්ල ඔප්පු කර පෙන්වීමට ඔහු අසමත් වූ බවත් සුළු ජාතික ඡන්ද දිනාගැනීමට කිසිදු තීරණාත්මක උත්සාහයක් ඔහු නොගත් බවත් ඔහුව ජනාධිපතිවරණ සටනින් ඉවත් කිරීමේ හැකියාව තමන් සතු බවත්" පැවසුවාලු.ජනාධිපති "තමන්ට කිසිදු හදිසියක් නොමැති බවත් " කීවාලු.මේ පක්ෂ දෙක එකතු උනොත් ගෝඨාට මොනවා වෙයිද?

:       615       666

gunarathnaThursday, 29 August 2019 11:44 AM

දන්නවද කටකතා පතුරවන එක නීති විරෝධි කියලා ?

:       3       0

chamThursday, 29 August 2019 01:13 PM

අම්මෝ දන්න දේවල්.. ඔයත් සාකච්ඡාවට ගියාද ?

:       2       1

Ajith NissankaThursday, 29 August 2019 08:17 PM

මොනවා උනත් පොහොට්ටුවේ ඇමෙරිකානු අධිරාජ්‍යවාදයට විරුද්ධව සටනේ ප්‍රධාන සංවිධායක සහ ජනාධිපති අපේක්ෂක දෙදෙනාම ඇමෙරිකානු පුරවැසියන් වීම මොන තරම් හාස්‍යජනකද? එම දෙපලගේ පවුල් වල සියලුම සාමාජිකයන් සියලුම දෙනාද ඇමෙරිකානු පුරවැසියන් වන අතර ඇමෙරිකාව දිවි හිමියෙන් ආරක්ෂා කරන බවට දිවුරා පොරොන්දු දී තිබේ !

:       0       0

මෝThursday, 29 August 2019 02:34 PM

මෙයාද සාකච්ඡ සභාවේ ලේකම් තුමා?

:       0       0

d.upul Thursday, 29 August 2019 10:20 AM

මං හිතුවේ සාමාජිකත්වය ගන්නවත් ගියාද කියලා ?

:       0       12

හෙළ හඬ Thursday, 29 August 2019 11:03 AM

ගෝඨාභය මැතිතුමා හුදු දේශපාලකයෙකු නොවේ. ගැමුණු රජු මෙන් විශ්වාස කළ හැකි වීර චරිතයකි. ඔහු සමඟ එක්වී ර⁣ට කෙලින් සිටුවන්න

:       28       0

Sunil gikiyanage Thursday, 29 August 2019 11:25 AM

ඔය ඔක්කොම බොරු. කතාකලේ දිනුවම අපිට ඇමතිකම් කීයක් දෙනවද කියල විතරයි ?

:       0       2

Kumara Thursday, 29 August 2019 11:56 AM

අනේ මෙයාලට ගිය කලක්...

:       0       1

මාරසිoහ Thursday, 29 August 2019 01:34 PM

දවල් හීන දකිනවා වගේ...ටෙලි නාට්‍ය තිර පිටපත් ලියන්න ගියොත් හොද අනාගතයක් තියේවි .

:       3       1

isuru Thursday, 29 August 2019 05:44 PM

ඔය ඇදෙන්නේ ලස්සනට කබරයේ තලගොයි කරන නියාය ආචාර්ය වරු

:       0       0

kamil Thursday, 29 August 2019 05:45 PM

මේ තුන්දෙනා ටම ගෝටා ගෙන් ඇමති කම් නො

:       0       0

ruwan Friday, 30 August 2019 03:51 AM

ඔයාලත් නගින්න අනේ.. බස් එක යන්න කලින් . අපි වෙන මොකක හරි එන්නම්.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 43 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 107 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 286 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 330 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 624 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 210 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site